රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ සම්බන්ධීකරණය යටතේ සහ ආර්ථික පුනර්ජීවන විශේෂ ජනාධිපති බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේද ආශිර්වාදය සහ උපදේශකත්වය යටතේ යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන එම සම්බන්ධයෙන් මේ වන විට නැවත අලුත් කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
ඒ බැසිල් රාජපක්ෂ මහතා සහ උදයංග වීරතුංග මහතා ඇතුළු පුද්ගලයින් වග උත්තරකරුවන් බවට පත් කරමින් පවර ඇති නඩු කටයුත්තක් හේතුවෙන්.
යුක්රේන ජාතිකයින් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයන් වගකිවයුතු බව සදහන් කරමින් , ඔවුන්ට එරෙහි නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන්නේ නාරාහේන්පිට ධර්මායතන විහාරාධිපති සහ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති උලපනේ සුමංගල හිමි සහ ලෙස්ලි ද සිල්වා මහතා විසින්.
,මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශයක් මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.
යුක්රේන සංචාරකයින් ලංකාවට ගෙන්වා ලංකාවේ මිනිසුන් කොරෝනා අත්හදා බැලීම් සඳහා පර්යේෂණාගාර මීයන් බවට පත් කළාද?
2021 වසරේ ජනවාරි 04 වනදා හිරු TV ඔස්සේ විකාශනය වූ “සලකුණ” වැඩසටහනට එක් වෙමින් සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බරපතල සැකයක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ කොරෝනා පවතින බව දැන දැනත් යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන ආවේත් ඔවුන්ට රටපුරා සංචාරය සඳහා ඉඩකඩ ලබා දුන්නෙත් හිතාමතාම කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධ අත්හද බැලීම් සිදු කිරීමට බවයි. යම් අත්හදා බැලීමක් සිදු කිරීමට බවයි.
සංචාරක ව්‍යාපාරයෙන් නියම ලාභය ලබා ගැනීම සඳහා සංචාරකයින් ලක්ෂ 20ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය ජනාධිපතිවරයා විසින් ලබා දී ඈති බව පවසන බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දෙන්නේ අවධානම නොතකා කටයුතු කිරීමේ වාසිය අත්වන්නේ අදාළ ඉලක්ක සපුරා ගත හැකිවුවහොත් පමණක් බවයි.
එහිදී නියමු ව්‍යාපෘතිය සඳහා යුක්රේනය වැනි රටක් තෝරාගත්තේ එහි කොරෝනා ආසාදිතයින් සිටින නිසා බවද ඔහු මෙහිදී සඳහන් කරනවා.
එහෙන් මෙහෙටත් – මෙහෙන් එහෙටත් කොරෝනා බෝ නොවන ලෙස අදාළ මාර්ගෝපදේශද උල්ලංඝනය කර බැලු බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.
හතලිස් දෙනෙකු ගෙන ඉන් 20 දෙනෙකුට වතුර ගසා ඉතිරි 20 දෙනාට බෙහෙත් ගසා කිසිවෙකුට කොරෝනා පිළිබඳ පරීක්ෂණ සිදුකළ හැකි ආකාරයක් පිළිබඳවද ඔහු මෙහිදී සඳහන් කරනවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?