කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බවට සැකපිට එම රෝහලේම හෘද රෝග අංශයේ,දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය සඳහන් කරනවා.
වාට්ටු අංක 43 ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්ය සහායකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ක්ෂණිකව සිදුකළ විමර්ශනයේදී එම සිලින්ඩර් දෙක සමඟ සැකකරු රෝහල් පරිශ්‍රයේදී ම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසන්නේ.
සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එම සොරකමට සම්බන්ධ වූ තවත් සෞඛ්‍ය කාර්යය සහායකයකු ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවයි වාර්තාවන්නේ.
මේ අතර හදිසි බාහිර රෝගී අංශයේ හෙද නිලධාරිනියක් ද පැමිණිල්ලක් කරමින් දැන්ව ඇත්තේ එම අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක් ද අතුරුදන්ව ඇති බවයි මෙම සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට