මේ වන විට කොරෝනාවෙන් පීඩාවට පත් සමස්ත ශ්‍රී ලාකේය ජනතාව වෙනුවෙන් විශාල පිරිසක් ආධාර උපකාර කරන්නේ ලාභ සත්කාර ප්‍රති උපකාර මාධ්‍ය සංදර්ශන කිසිවක් බලාපොරොත්තුවෙන් නොවෙයි.
රාජ්‍ය සේවකයින් තම මාසික වැටුප් පවා පරිත්‍යාග කරමින්,මේ මහා ව්‍යසනයේදී තමන්ට කල හැකි උපරිම කැපවීම සිදු කරන්නේ උතුම් මානුෂිය ගුණාංගවලට ප්‍රාණය ලබා දෙමින්.
තම දිවි දෙවෙනි කොට වෙනත් ජීවිත රැකගැනීම වෙනුවෙන් කැපවන සුව විරුවන් මෙන්ම රණවිරුවන්ද මහා කැපවීමක් සිදු කලද ඔවුන් කිසි තැනක තමන් ඉටුකරන කාර්යභාරය පිළිබඳ නැවත නැවත කියවන බවක් නම් දැකීම අසීරු කටයුත්තක්.
නමුත් ජනතාව තමා වෙනුවෙන්ම කටයුතු කිරීම සඳහා තෝරා පත් කර යැවූ ,මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු මේ දින වල සිටින්නේ කොරෝනාව තුල තම මැදිහත්වීම ප්‍රවර්ධනය කිරීමේ කාර්යයට ප්‍රමුඛතාවය ලබා දෙමින්.
මහජන නියෝජිතයින් තමන් කරන කියන දේ පිලිබඳ ජනතාව දැනුවත් කිරීම වරදක් වන්නේ නැහැ.
මන්ද ඔවුන් මහජන සේවකයින් ලෙස අනිවාර්යයෙන්ම තමන් කරන කියන දේ පිලිබඳ තමා බලයට පත් කල ජනතාවට වගකීම සඳහා බැඳී සිටින බැවිනුයි.
ඒ කෙසේ වෙතත් අනුන් කරපු දේ තමන් කල බව කියා එක දමා ගැනීමට යාම සහ මහා ව්‍යසනයක් මුව විට තබා ගෙන සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් සහ එක දමාගැනීමට යාම් පිලිබඳ සමාජය තුලම දැඩි කතාබහක් නිර්මාණය වීම නම් ඔවුන්ගේ දේශපාලන චරිත ගොඩනැංවීමේ කාර්යයට නම් එතරම් ගුණදායක දෙයක් නෙමෙයි.
පොලොන්නරුව රෝහලට PCR මැෂිමක් පරිත්‍යාග කිරීමත් එවැනි කතාබහකට අපුර්ව මාතෘකාවක්
අපි කතාව මෙහෙම කියවමු.
ඊයේ (22) පොලොන්නරුව රෝහලට PCR මැෂිමක් ලැබුණා.
වැඩේ හොදයි. කාලෝචිතයි. කවුරු කළත් රටේ සියලුම ජනතාව සමගින් අපද ඒ සඳහා කෘතවේදී බව පළ කල යුතුමයි.
පොලොන්නරුව රෝහලට PCR මැෂිමක් ලැබුණා.
හරි නම් මේ වෙලාවේ හැටියට ඒ ටික හොදටෝම ඇති.
ඒ වුණාට මේ කතාව එතනින් නවතින්නෙ නෑ.
දැන් තමයි වැදගත්ම කතාව පටන් ගන්නේ.
පොලොන්නරුව කොහොමත් දේශපාලන සංග්රාම භුමියක්නේ.
කතාව මෙහෙමයි.
පොලොන්නරුව රෝහලට PCR මැෂිම දුන්නේ රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ.
ඔය තියෙන්නේ එයාගේ කතාව. එයා කියන විදියට.
එයා කියන විදියට වැඩේ එහෙම වුණාට, මෙයා කියන විදියට වැඩේ වුණේ මෙහෙම.
අපි මෙයා කියල කිව්වේ අපේ රටේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට.
ඔන්න මෙයා කියන විදිය.
හත්තිලව්ව්වයි.. PCR එකක් පොලොන්නරුවේ රෝහලට කරපු හරියක්.
එක අතකට දුකයි..දුකයි..දුකාාාාායී
එහෙම දුක් වෙලා බෑනේ. ඇත්තටම ඇත්ත මොකක් වෙන්න ඇති ද?
දානපතියෝ දෙන්නටම අදාළ නැති මනුස්සයෙක් ඒ ගැන මෙහෙම ලියල තිබුණා.
මේ තියෙන්නේ ඒක.
ඒ කතාව කියවෙන්නේ එහෙම.
කොහොම උනත් ආරංචියේ හැටියට ඊයේ ඉඳන් මේ PCR මැෂිම නිසා පොළොන්නරුවේ අම්බානකට වැලි.
සමාවෙන්න වලි .. වලි..
බුකි වලයි ඇරෙහෙයි මෙහෙයි හැමතැනම.
ලංකාවේ සමහර මාධ්‍ය ආයතන ඉස්සෙල්ලා මෛත්‍රීපාල මහත්තයාගේ පැත්තෙන් වගේ නිවුස් එක ගහල හැරෙන තැපෑලෙන් ඒක මකල දාලා රොෂාන් රණසිංහ මහත්තයගේ පැත්තෙන් වැඩේ කළා කියල නිවුසුත් ගැහුවා.
මේකත් නිකන් පාස්කු ප්‍රහාරේ වගේ කවුද හරි, කවුද වැරදි, කින්ද මන්ද කියල දන්නේ දෙයියෝ තමයි.
එක අතකට වැරැද්ද මහජනතාව වෙච්ච අපෙමද මන්දා.
අර කිව්වා වගේ දෙයියෝ තමයි දන්නේ.
හැබැයි අල්ලපු වැට පැන්න නම් මෑණියෝ හරි අවනඩුව විසඳලා දෙයි.
මේවා ඉතින් විසඳගන්න රටේ ඉන්න එවුන්ට සිහිකල්පනාව තියන එකක් යැ නේහ්???
© මී මැස්සා
අත නොහැර කියවන තැන
ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට හොරු පනින්න කළින් මේක බලල යන්න
කතිර ගහන්න කළින් මේක බලන්න | ආයිත් නහයෙන් අඬන්න තියාගන්න එපා
උසස් පෙළට දීපු මාලිමා ප්‍රශ්න පත්තරේ | පිං පොත ගැන තව එකක්ත එළියට