Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති පවිත්‍රා අනුන්ගේ විෂය පථයන්ට ඇඟිලි ගහලා – ආණ්ඩුවේ තවත් මත ගැටුමක්

ආණ්ඩුවේ දේශපාලන කඹ ඇදීමේ ප්‍රතිඵලයක් ලෙස කුලියාපිටිය වෛද්‍ය පිඨය සහ ශික්ෂණ රෝහලට යාබදව ඉදිකිරීමට සැලසුම වෙනස් කොට එය කුරුණෑගල නගරයට ගෙන යාමේ දේශපාලන අවශ්‍යතාවයක් හේතුවෙන් ආණ්ඩුව තුළ මේ වන විට යම් දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සිය නිල face book ගිණුමෙහි සටහනක් තබමින් හෙළි කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමන්ගේ විෂය පථයට පවා අදාල නොවන කරුණු සම්බන්ධයෙන් මැදිහත් වෙමින් තීරණ ගැනීමට යාමෙන් විශාල ගැටලුවකට මුහුණ දීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට සිදුව ඇති බවයි.

මේ හරහා මතුවන තත්වයන් සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

උපුටා ගැනීම..

ශ්‍රී ලංකාවේ විශාලතම ජනගහනයක් වෙසෙන දිස්ත්‍රික්කයක් වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි ප්‍රධානම නගරයට පසුව ඊලගට සිටිනුයේ කුලියාපිටිය නගරයයි.

එය දිස්ත්‍රික්කයේම ප්‍රධාන අධ්‍යාපන නගරයයි.

කුලියාපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් කුලියාපිටිය , කටුගම්පළ , දඹදෙණිය , පඩුවස්නුවර , බිංගිරිය , නිකවැරටිය යන ආසන වල ජීවත් වන ජනතාව මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේද සමහර ප්‍රදේශ වල වෙසෙන ජනතාවද මෙම නගරය වෙත පහසුකම් සලසා ගැනීමේ අරමුණ ඇතිව දිනපතා පැමිනෙනු ඇත .

මේ දිනවල විශේෂයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් වනුයේ කුලියාපිටිය ශික්ෂණ රෝහල සම්බන්දයෙන් හා අළුතින් ඉදිවූ වෛද්‍ය පීඨය වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත මහාචාර්ය ඒකකය කුරුණෑගල නගරය වෙත ගෙනයෑමයි.

මෙම කුලියාපිටිය මූලික රෝහල ශික්ෂණ ‍රෝහලක් බවට පත්කිරීමත් , වයඹ විශ්ව විද්‍යාලය සදහා අංග සම්පූර්ණ වෛද්‍යපීඨයක් ඉදිකිරීමත් ඒ සදහා යෝජිත නේවාසිකාගාර වලින් සමන්විත අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් ඉදිකිරීමටත් මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ පසුගිය ආණ්ඩුව සමයේ බව විවාදයෙන් තොරව ප්‍රකාශ කර සිටිමි.

මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහල ආසන්නයේම රජයට අයත්ව තිබූ ඉඩමක විශාල මුදලක් වැයකරමින් සියළුම පහසුකම් වලින් සමන්විත දේශන ශාලා , පර්යේෂනාගාර හා අවශ්‍ය සියළුම ගොඩනැගිලි වලින් සමන්විතව වෛද්‍ය විද්‍යාලයක් දැනටමත් ඉදිකර අවසානයි.

තවද කුලියාපිටිය මූලික රෝහල පසුගිය අවුරුද්දේ ජනවාරි මස මධ්‍යම රජය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් බවට පත්කරන ලදී.

අවසානයේ එසේ සියළුම කටයුතු අවසන් කර ඇති අවස්ථාවක කුලියාපිටිය නගරයේ ඉදිකිරීමට තිබූ මහාචාර්ය ඒකකය කුරුණෑගල නගරය වෙත ගෙන යාමට තීරනයක් ගෙන ඇත.

මෙම මහාචාර්ය ඒකකය, වෛද්‍යපීඨය හා ශික්ෂණ රෝහල ආසන්නයේ තිබිය යුතු බවට මා ප්‍රකාශ කර සිටිනුයේ වෛද්‍ය ශිෂ්‍යයින්ගේ විශය ධාරාව හැදෑරීය යුත්තේ නිතරම පාහේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගිනි.තවද දේශන මාලාවන් පසුව සායනික ක්‍රියාකාරකම් යෙදෙන අතර ඒ සදහා වෛද්‍යපීඨය ,මහාචාර්ය ඒකකය හා ශික්ෂණ රෝහල එකම නගරය තුල තිබීමේ අවශ්‍යතාවය තවදුරටත් පෙන්වාදෙමි.

එකල විශ්ව ව්ද්‍යාල කොමිෂන් සභාව විසින් මෙම මහාචාර්ය ඒකකය කුලියාපිටිය නගරයේ ඉදිකිරීමට අනුමැතියද ලබා දී තිබේ.

තවද මා විසින් මෙම යෝජිත මහාචාර්ය ඒකකය කුලියාපිටිය රෝහල ආසන්නයේ ඉදිකිරීම කඩිනම් කර ගැනීම සදහා ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහමැතිවරණයට පෙර පත්වූ මාස 03ක ආණ්ඩුව පැවති කාලයේදී එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කල බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් එතුමාගේ අමාත්‍යාංශයේදී රැස්වීමක් කැදවා කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂතුමා,වයඹ විශ්ව ව්ද්‍යාලයේ උපකුලපතිතුමා,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමසාරිස්තුමා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කලේය.

එවිට අග්‍රාමාත්‍යතුමාගේද අනුමැතිය ඇතිව විශයබාර අමාත්‍යයතුමා විසින් කියා සිටියේ ස්ථිර වශයෙන් මෙම මහාචාර්ය ඒකකය කුලියාපිටිය නගරයේ ඉදිකරන බවයි.

එබැවින් මහාචාර්ය ඒකකය කුරුණෑගල නගරය වෙත රැගෙන යන බව ඉකුත් දිනක සෞඛ්‍ය අමාත්‍යය තුමිය විසින් ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශය වැරදි බවත් එම මහාචාර්ය ඒකකය සම්බන්ද විශය පතය එතුමියගේ අමාත්‍යාංශයට අයත් නොවන බවත් එය උසස් අධ්‍යාපනය අමාත්‍යාංශයේ විශය පතයට අයත් බවත්, මෙම මහාචාර්ය ඒකකය ඉදිකර අවසන්ව ක්‍රියාකාරී මට්ටමට ආ පසු රෝගීන් විශාල ප්‍රමාණයක් කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇදී එන බව සදහන් කරන අතර,කුලියාපිටිය නගරය විශාල ලෙස සංවර්ධන කිරීමට මුල්වූ දැයට කිරුළ වැඩසටහන කුලියාපිටිය නගරය වෙත ගෙන ඒමට එවකට ජනාධිපතිතුමා ලෙස කටයුතු කළ වර්තමානයේ අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතියද ඇතිව, මූලිකත්වය ගෙන කටයුතු කල පුද්ගලයා වශයෙන් මෙම මහාචාර්ය ඒකකය කුරුණෑගල නගරය වෙත ගෙන යාම පිළිබදව මාගේ බලවත් කනගාටුවද ප්‍රකාශ කරසිටිමි.

නීතිඥ අනුර ප්‍රියදර්ශන ‍යාපා – කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

About The Author