Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා පරද්දන්න සෞඛ්‍ය ලොක්කෝ කටකලියා බෙදයි

මේ වන විට කොරෝනා වසංගතය පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසන් කරන බවට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින්ම චෝදනාවට ලක්ව ඇති සෞඛ්‍ය අමාත්‍යංශය තව දුරටත් තොරතුරු ජනතාවගෙන් වසන් කිරීම සඳහා කටුතු කරමින් සිටිනවා.

කොරෝනා වසංගතය ආරම්භයේ සිට රජයට තොරතුරු විකෘති කිරීම සහ සැඟවීම පිළිබඳ චෝදනා එල්ල වුණා.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරින් පහල හෙලීම සඳහාද හේතුවූ එක කරුණක් වුයේ ඔහු ජනතාවට නිවැරදි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම බව අනාවරණය වුණා.

ඉන් පසුව ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරකට පත් කරන ලද අතර රජයට අවශ්‍ය පරිදි රාමු ගත තොරතුරු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඔහුව එම තනතුරින්ද ඉවත් කර දැමුනා.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රජා වෛද්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් තම බල ප්‍රදේශ වල ඇති සබැ තත්වයන් ජනතාවට හෙළි කිරීමට පටන් ගත අතර මේ තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල ස්ථරයේ නිලධාරීන් සහ කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානයෙන් දිගින් දිගටම සිදු කරන තොරතුරු විකෘති කිරීම් ජනතාවගෙන් සැඟවිය නොහැකි වුණා.

පිළියන්දල සහ කැස්බෑව සිදුවීම,බදුල්ල දිස්ත්‍රික්කයේ දිනක මරණ 19ක් වාර්තා වන විට එය 3ක් ලෙස දැක්වීමේ සිදුවීම, කින්නියා පොලිස් වසමේ කොරෝන ආසදිතව මියයන පුද්ගලයන්ගේ සිරුරු රහසේම භූමදානය කිරීමේ සිදු වීම ඇතුළු සිදු වීම් ගණනාවක් සමාජය හමුවේ අනාවරණය වුයේ තම දිවි පවා දෙවැනි කොට ක්ෂේත්‍රයේ රාජකාරි කරන නිලධාරීන්ගේ අනාවරණයන් නිසයි.

අනෙක් අතට රජය තොරතුරු විකෘති කරන බව‍ට බරපතළ ලෙස චෝදනා කරන්නේ අප නොවේ, රජයේ වෛද්‍ය නිලධ්රින්ගේ සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙදියන්, මහාසංඝරත්නය, ආගමික නායකයින්, මේ සියලුදෙනාම දිගින් දිගටම මෙම චෝදනාව එල්ල කරමින් සිටි.

මෙලෙසින් හෙළිවන සත්‍ය කරුණු හේතුවෙන් ආණ්ඩුවට දැඩි අවාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති අතර මේ තත්වයට වහා පිළියමක් දීම සඳහා කතිකාවක් සිදු කර ඇති අතර එහි එක් අශෝභන අදියරයක් ලෙස රාජ්‍ය සේවකයින් යම් ආකාරයකින් බිය වද්දවීමකට ලක් කර තිබෙනවා.

රාජ්‍ය සේවයට අපමණ අගයක් ලැබුණු හැටි

සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්,සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් සියලුම ආයතන ප්‍රධානින්,පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්,ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂවරුන් සහ සියලුම නිලධරීන් වෙත මෙම ලිපිය යොමු කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස් .එච් මුණසිංහ මහතා විසින්.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපියේ විශේෂිත රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයක් පිළිබඳ සඳහන් කර තිබෙනවා.

ඒ 06/2019 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයයි.

එහි සඳහන් වන්නේ කුමක්ද?

තමන්ට රාජකාරි කිරීමේදී මතුවන ගැටළු, මුදල් අගහිඟකම්, සේවක හිඟයන්, සම්පත් හිඟයන් ඇතුළු ඔවුන් මුහුණ දෙන ගැටළු කිසිවක් පිළිබද ජනමාධ්‍යය හමුවේ මීක් හඬක් වත් නැගීමට ඔවුන්ට නොහැක.

මෙහි වැදගත්ම කරුණ වන්නේ ජනමාධ්‍ය ලෙස අර්ථ දැක්වා ඇති වපසරියයි.

ජනමාධ්‍ය යනු , ශ්‍රව්‍ය දෘශ්‍ය හෝ ලිඛිත වශයෙන් පොදුවේ මහජනයාට හෝ පුද්ගල කණ්ඩායමකට ප්‍රවේශ විය හැකිවන සේ විද්‍යුත්, මුද්‍රිත හෝ රසායනික තාක්ෂණය යොදාගෙන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෝ ආයතනයක් විසින් ක්‍රියාත්මක කරන සන්නිවේදන කාර්යයකි.

ඒ අනුව් කටක් ඇර අමමා තාත්තා සමඟ හෝ තමන් මුහුණ පා ඇති දුක් ගැහැට කියන්නට අවසර ඔවුන්ට අහිමිය.

බැරිවෙලා වත් කාගේ හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුමක පළවුවත් වැටෙන්නේ ලෙඩකි.

කෙසේවෙතත් මේ කිසිවකට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මුලික මිනිස් අයිතවාසිකම් අභියෝගටට ලක් කල නොහැක.

සත්‍ය කතා කිරීම, ස්වාධීන අදහස් දැරීම සියලු පුරවැසියන්ගේ අයිතියකි.

ජාතික ආරක්ෂාවට ,මහජන සෞඛ්‍යයට අහිත කර නොවන ලෙස තම භාෂණයේ අයිතිවාසිකම් භුක්ති විදීමට සියලු පුරවැසියන්ට අයිතියක් තිබේ.

ඇතැම් විටක මේ චක්‍රලේඛ ආදිය ඒ හරහා යම් අභියෝගයකටද ලක් විය හැක.

අනෙක් අතට මහජන ආරක්ෂාවට සහ සෞඛ්‍යට අභියෝග කරන්නේ සාමාන්‍ය ජනතාවද නැතිනම් සත්‍ය තොරතුරු සමාජයෙන් වසන් කරමින් කටයුතු කරන ඉහල නිලධාරීන් සහ දේශපාලකයන්ද යන්න තිරණය කිරීම ජනතාව සිහි බුද්ධියෙන් අවබෝධ කරගත යුතුය.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපියට අනුව

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන නිලධාරීන් විසින් සත්‍ය නොවන කරුණු මත පදනම් ව ලබා දුන් තොරතුරු හේතුවෙන් සෞඛ්‍ය සේවා විදිමත්ව සැපයීමටත්, ජනතාව තුළ ඒ පිලිබඳ විශ්වාසය පවත්වා ගැනීමටත් නොහැකි වී ඇති බවක් පවසයි.

එසේ නම් ලේකම්වරයා රාජ්‍ය නිලධාරීන්ට කටකලියාවල් බදින්නට ලිපි ලියන්නට කලින් කළ යුතු වැදගත් වැඩක් තිබුණි.

එනම් ඔහු පවසන ආකාරයටම ඇතැම් නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද අසත්‍ය කරුණු මොනවාද? ඒ නිසා මතුවූ ගැටළු මොනවාද යන්න නිදසුන් දෙක තුනක් පැහැදිළි සත්‍ය කරුණු සමඟ ජනතාවට ඉදිරිපත් කිරීමයි.

අනෙක තමන් ද මැදිහත්ව නිවැරදි තොරතුරු ඉතා ඉක්මනින් ජනගත කිරීමට නිවරැදි යාන්ත්‍රණයක් සැකසීමයි.

ඒ කිසිත් නොකර මේ කරන්නේ රාජ්‍ය නිලධාරීන්ට කටකලියා දමා ජනතාවගෙන් සත්‍ය තොරතුරු වසන් කිරීම පමණක්ය යන බරපතල සැකයක් සමාජ ගත වීම නම් කිසිසේත් මෙවැනි ලියුම් කඩදහි මගින් නම් වැළක්විය නොහැක.

© මී මැස්සා

About The Author