පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේර මහතා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් තමන් දැඩි අසරණ බවට පත්වී ඇතිදෝ යන සැකය කතෝලික ජනතාව අතර පමණක් නොව යුක්තිය බලාපොරොත්තු වූ කා අතරත් දැඩි කතා බහක් නිර්මාණය කර ඇති බව කොළඹ සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කරනවා.
ඔහු සඳහන් කරන්නේ ප්‍රහාරය සිදු වී වසර 2ක් ඇත වී ඇති මොහොතකත් අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම යුක්තිය ඉටු වීම පිළිබඳ බරපතල තත්වයක් බවයි.
එමෙන්ම නීතිපති වරයා සඳහන් කරන ආකාරයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබෑ කුමන්ත්‍රණකරුවන් කවදා හෙළි වේවිද යන ගැටලුව තමන්ට ඇති බවද සිරිල් ගාමිණී පියතුමන් පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට