Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිස් භාරයේ සිටි අසාත් සාලිට හෘදයාබාධයක්..

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා හදිසියේම ජාතික කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ රැඳවුම් නියෝග යටතේ පොලිස් අත්අඩංගුවේ රඳවා ගෙන සිටියදියි.

ඔහුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් ඇතිව තිබෙන බවයි වාර්තාවන්නේ.

ඔහු ඇතුළු කර තිබෙන්නේ ජාතික රෝහලේ 49 වාට්ටුවටයි.

ත‍්‍රස්තවාදය සදහා අනුබල දුන් බවට චෝදනා එල්ල කරමින් ඔහු පොලිස් අත්අඩංගුවේ රදවා ප‍්‍රශ්ණ කරමින් සිටියේ අධිකරණය හරහා ලබාගත් රැඳවුම් නියෝගයක් යටතේයි.

අසාද් සාලි මහතා පසුගිය කාලයේ දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කළ අතර අත්අඩංගුවට පත් වීමට පෙර ඔහු සහ පොලිස් විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා සමඟ උණුසුම් විවාදයකට ද පැටලී සිටියා.

About The Author