Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මේ පාවා දීමට යන්නේ මැදමුලනේ දේපල නෙමෙයි, රටේ ජාතික සම්පත් – අනුර කුමාර දිසානායක

වත්මන් ආණ්ඩුවේ නායකයන් උත්සාහ කරන්නේ මැදමුලන දේපොළ නොව රටේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑම් කරන ජාතික සම්පත් වෙනත් පාර්ශ්වයකට ඇටෝනි බලපත්‍රයකින් පවරා දීමට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා.

රටේ අනාගතය ඇටෝනි බලපත්‍රයකින් වෙනත් පාර්ශවයකට පවරා දීමේ බලයක් ආණ්ඩුවට ජනතාව ලබා දී නොමැති බව පවසන දිසානායක මහතා Port City පනත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව දරන උත්සාහය කෙසේ හෝ පරාජයට පත් කල යුතු බව ද අවධාරණය කරනවා.

කලාපීය බල අරගලයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ඉඩ කඩ විවර කරන මෙම පනත රටට අනතුරක් බවයි ඔහු සඳහන් කරන්නේ.

බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් ඔහු මේ අදහස් දැක්වීම සිදු කරනු ලැබුවා.

මේ වන විටත් ජනමත විචාරණයක් පවත්වන ලෙස අධිකරණය ලබා දුන් නියෝග ඇතුලත් වගන්ති සංශෝධනය කිරීමට ආණ්ඩුව උත්සහ දරනු ඇති බව ද පවසන අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මැතිවරණවලදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුවට මේ තරම් හදිසියක් නොමැති වීම පුදුමයක් බවයි.

Port City පනත සඳහා පමණක් විශාල උනන්දුවකින් යුතුව ආණ්ඩුව මේ ක්‍රියා කරන්නේ චීන රජයේ ප්‍රධානීන් සහ ආණ්ඩුවේ නායකයින් අතර පවතින පෞද්ගලික එකඟතාවයක් තියෙන නිසා දැයි බලවත් සැකයක් උපදින බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා.

About The Author