ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
ඔහු සඳහන් කරන්නේ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ බොහෝ විදි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හරහා මෙම තත්වය උද්ගතව ඇති බවයි.
රට බරපතල අර්බුධයකට මුහුණ දෙමින් සිටින මොහොතක මෙවැනි පනතක් ගෙන ඒම තම ප්රමුඛ කාර්යය බවට පත් කරගැනීම හරහා නායකයන්ගේ සැබෑ තත්වය පිළිඹිබු වනු ඇති බවද විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
එමෙන්ම Port City පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණය මින් පෙර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සම්බන්ධ පුර්වදර්ශයන් අභියෝගයට ලක්ව ඇති බව හැඟී යන නමුත් අධිකරණ තීන්දුව පිළිගැනීමට සිදුවන බව ද ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට