රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස මහරගම අපේක්ෂා රෝහල පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක්කර තිබෙනවා.
කොවිඩ් වසංගතය ව්‍යාප්තිය වේගවත්වීම සමඟ පිළිකා රෝගීන් වෙනුවෙන් ඇති රුධිර සංචිත ඉතා ශීඝ්‍රයෙන් අඩුවීම එයට හේතුවයි.
දිවයින පුරා ලේ බැංකුවල රුධිර පරිත්‍යාගයන් සඳහා ලේ බැංකුවේ නිල වෙබ් අඩවීයට පිවිස ලියාපදිංචි වීමෙන් පසුව ලැබෙන කෙටි පණිවුඩය භාවිතා කරමින් ද රුධිර පරිත්යාගලාභීන්ට එම පරිශ්‍ර වෙත පැමිණිය හැකි බවයි අපේක්ෂා රෝහල් සදහන් කරන්නේ.
එමෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ දුරකතන අංක ඇමතීමෙන් ද අවශ්‍ය වේලාවන් වෙන් කරගැනීමේ හැකියාව පවතිනවා.
ජාතික රුධිර මධ්‍යස්ථානය 011- 2369931
මහරගම අපේක්ෂා රෝහල 011 – 2849 525 සහ 0718 845 700
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්