කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස්වල රඳවන ආකාරය සම්බන්ධයෙන් කොරෝනා මර්ධන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව සියලු රෝගීන් නිවෙස් වල රැඳවීමට කටයුතු නොකරන බවයි ඔහු සඳහන් කරන්නේ.
රෝගින් වර්ග තුනකට බෙදා ප්‍රතිකාර කිරීමයි සැලසුම වී තිබෙන්නේ.
ඒ අනුව,
රෝගීන්ට ප්‍රතිකාර කිරීම :-
- බරපතළ රෝගීන්ට රෝහල් තුළම ප්‍රතිකාර
- බරපතළ තත්වයේ නොමැති අයට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී ප්‍රතිකාර
- රෝගය වැළඳී ඇතත් රෝග ලක්ෂණ නොමැති වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ සිටිය හැකි අය පමණක් නිවෙස්වල
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ජනාධිපතිවරයා සහ විශේෂඥ වෛද්‍යවරුන් කාර්ය සාධක බලකායේදී පැවැත්වූ සාකච්ඡාවකදී මේ ක්‍රමවේදය ගැන පැහැදිලි කළ බවයි.
කොරෝනා රෝගීන් ගෙදර තියන ක්‍රමවේදයක් හදන්න ජනපති කිව්වා
එහිදී ජනාධිපතිවරයා විසින් රෝගින් නිවෙස් වල රඳවා ප්‍රතිකාර කිරීමට ක්‍රමවේදයක් සකස් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් බවද යුද හමුදා පතිවරයා පවසනවා.
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය නිර්ණායක මේ සති අන්තයේ දී සකස් වනු ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.
මින් අදහස් වන්නේ සියලු රෝගීන් නිවෙස්වල රැඳවීම නොවන බවද පැවසු යුධ හමුදාපතිවරයා ඉහත සඳහන් කර ඇති ක්‍රමවේදය අනුව අදාල කටයුතු සිදුවන බව අවධාරණය කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට