මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙළේ සුදා’ නොහොත් සමන්ත කුමාර නැමැත්තා ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය.
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සිය පුත්‍රයා පොලිසිය විසින් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙළේ සුදා නැමැත්තා ගේ මව ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය අද මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර හා රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී අද කැඳවනු ලැබුවා.
පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ආයුධ හෝ නඩු භාණ්ඩ සොයා පෙන්වීම සඳහා රැඟෙන ගොස් එහිදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී පොලිස් වෙඩි පහරින් මියගිය බව පවසන සුලබ සිදු විඉම් රැසක්ම පසු ගිය කාලයේ වාර්තා වූ අතර වෙලේ සුදගේ ජිවිතයටද එවැනිම ආකාරයේ අවධානමක් ඇති බව ඔහුගේ නව විසින් ඉදිරිපත් කරන ලද රිට් ආඥා පෙත්සම මගින් පෙන්වා දී තිබුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට