Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා සමඟ ඔට්ටුවන රජයේ නිලධාරීන්ට සළකන විදිය ගැන ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට චෝදනාවක්

කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සඳහා මේ වන විට ක්ෂේත්‍ර රාජකාරි ඉටුකරමින් තමන්ගේත් තම පවුල්වල දුවා දරුවන්ගේත් ජීවිත පවා අවධානමට ලක් කරමින් ජනතාව වෙනුවෙන් සේවා සපයන නිලධාරීන් රැසකට මුහුණ පෑමට ඇති ගැටළුවක් පිළිබද මේ වන විට ආණ්ඩුව තුළම කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එන්නත්කරණ වැඩසටහනේදී ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය මාණ්ඩලික නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන නිලධාරීන්,  ග්‍රාම නිලධාරීවරුන්ට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබෙන්නේ.

දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කොරෝනා මර්ධන එන්නත, ජනතාව සමඟ සෘජුව කටයුතු කරන එම නිලධාරීන් වෙත කඩිනමින් ලබා දිය යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් තමන් සෞඛ්‍ය අමාත්‍යවරියට ද ලිඛිතව දැනුම් දුන් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ අතර පසුගිය දිනක Mee Massoo TV සමඟ විශේෂ කතාබහකට එක් වූ ආණ්ඩු පක්ෂයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියද සඳහන් කළේ අදාළ ක්ෂේත්‍ර නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් එන්නත් කරණය කිරීම සඳහා රජය මෙතෙක් අපොහොසත් වී ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන් බරපතල ජිවිත අවධානමකට මුහුණ පා ඇති බවද ය මෙහිදී පෙන්වා දුන්නා.

About The Author