කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙසේ තබා අධීක්ෂණය කිරීමේ නියමු වැඩපිළිවෙළක් සදුදා දිනයේ (17) සිට රජය විසින් ආරම්භ කරන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමති සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.
රෝහල්වල ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් වැඩිවන රෝගීන් සංඛ්‍යාව රෝහල් පද්ධතියට දරා ගත නොහැකි වීම එයට හේතුවයි.
නිවෙස් තුල නිරෝධායනය වන රෝගින් ට අවශ්‍ය ප්‍රතිකාර 117 අංකය හරහා වෛද්‍ය නිළධාරින් විසින් ලබාදෙනු ඇතැයි ද වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
එමෙන්ම නිවෙස්තුල නිරෝධායනයට ලක් කරන රෝගින් යම් සංකුලතා පෙන්වන්නේ නම් පමණක් රෝහල් ගත කිරීම රජයේ සැලසුමයි.
1990 සුව සැරිය ගිලන්රථ සේවාව හරහා හෝ 117 කොවිඩ් මර්ධනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ඇමතීමෙන් එම රෝගීන්ට සහන සලසා ගැනීමේ හැකියාව පවතිනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට