Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බන්දුලගේ අලුත් බඩු මල්ල

මේ වන විට සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක එකතුවකින් යුත් බඩු මල්ලක් නොමිලයේ ලබා දෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

රජය විසින් ඊයේ (13) මෙම තීරණය ගෙන ඇති අතර රුපියල් 5000 ක වටිනා කමකින් යුත් මෙම බදු මල්ල සතොස වෙළඳසැල් ජාලයද සම්බන්ධ කරගනිමින් ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළු යාන්ත්‍රණය හරහා ජනතාවට ලබා දීම සඳහා පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම සදුදා දිනයේ සිට සතොස වෙළඳසැල් ජාලය හරහා දිවයින පුර සියලු ජනතාවට මෙම බඩු මල්ල මිලදී ගැනීමට හැකි පරිදි කටයුතු සංවිධානය කරන බවද වෙළඳ අමාත්‍යවරයා අප සමග සඳහන් කළා.

බඩු මල්ලෙහි වටිනා කම රුපියල් 5000 ලෙස දැක්වුවද එහි සැබෑ වටිනා කම ඊට ඉහළ අගයක් ගන්න බවයි ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ.

About The Author