Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටම මර බියෙන් තැති ගනිද්දී ආණ්ඩුව රට චීනයට පාවා දෙනවා – 20 වෙනිදා තීරණාත්මකයි

කොරෝනා වසංගතය හමුවේ මුළු රටම මර බියෙන් තැතිගෙන ඇති මොහොතක ආණ්ඩුව විසින් රට චෙනයට පාවා දීමට සැරසෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ අද (13) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට ප්‍රකාශයක් සිදු කරමින්.

කොරෝනා වසංගතය හමුවේ ජනතාව මර බියට පත්ව මුළු රටම තීරණාත්මක අභියෝගයකට මුහුණ දී ඇති මොහොතක ආණ්ඩුව Port City පනත එළඹෙන 19 සහ 20 දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාද කොට සම්මත කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

විපක්ෂය පාර්ලිමේන්තුව තුල මේ සඳහා දැඩි විරෝධය පල කලද ආණ්ඩුව ඝෝරනාඩු කරමින් විපක්ෂ මතය යටපත් කල බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළා.

යම් හෙයකින් අදාළ පනත සම්මත වුවහොත් රටක් ලෙස ශ්‍රී ලංකාවට අනාගතයේදී බරපතල අර්බුධ රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවද අවධාරණය කළා.

About The Author