Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රසායනික පොහොර තහනමේ ප්‍රතිඵල තැපෑලෙන් එයි

රසායනික පොහොර සහ කෘමිනාශක ආනයනය රජය තහනම් කිරිමත් එහි ප්‍රතිඵල මේ වන විටත් සමාජයට ලැබෙමින් පවතිනවා.

බලාපොරොත්තු වූ යහපත් ප්‍රතිඵල වලට වඩා අහිතකර ප්‍රතිඵල වඩා වේගයෙන් ලැබීම මෙහි ඇති ගැටලුවයි.

විශේෂයෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් අස්වනු බෙදාහැරීම සහ වගා කටයුතු සියල්ල අඩාලවී ඇති මොහොතක රසායනික පොහොර හා කෘමිනාශක තහනම් කිරීමේ තත්වයද සමගින් වඩා සංකීර්ණ තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

වාර්තා වන අන්දමට මේ වන විටත් නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවි මහතුන් සිය අස්වනු අඩු වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දිගු කලක් තිස්සේ රසායනික පොහොරවලට හුරු වූ තම ගොවි බිම් එකවර කාබනික පොහොර පමණක් භාවිතා කර වගා කිරීම සඳහා හුරු කරවිය නොහැකි බවයි.

දැනට දින කිහිපයක සිට රසායනික පොහොර වෙලදපොලේ මිලදී ගැනීමට පවා නොමැති බවත් ඇතැම් වෙළඳුන් පවතින පොහොර වල මිල හිතුමතේ ඉහල දැමීමට කටයුතු කර ඇති නිසා බරපතල අර්බුධයකට තමන් මුහුණ පා ඇති බවයි ගොවී මහතුන් පෙන්වා දෙන්නේ.

කාබනික පොහොර යොදාගෙන නුවරඑලිය ප්‍රදේශයේ ඇතැම් ගොවි මහතුන් එලවළු වගාව සිදු කලද ඒ සදහා රසායනික පොහොර යම් ප්‍රමාණයක් එලවළු වගාව සදහා එක් කිරිමෙන් තමන් වගා කරන එලවළු වගාව සාර්ථක වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ තත්වය හේතුවෙන් මතුව ඇති බරපතලම ගැටලුව වන්නේ අස්වනු අඩු වීමේ ප්‍රතිඵලය ලෙස එළවලු මිල අධික ලෙස ඉහල යාමයි.

රජය විසින් ගනු ලැබූ මෙම තීරණය තේ වගාවට ද මේ වන විට සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇති බවද වාර්තාවනවා.

About The Author