පදිංචි සහතිකයක් ඉදිරිපත් කරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් ඉල්ලීම නිසා ආරක්ෂක සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කෝපයට පත් වී ඇති බව ලංකා වෙබ් වාර්තා කරනවා.
තමන් වැනි ප්‍රභූන් ජීවත්ව සිටින බව තහවුරු කර ගැනීමට පදිංචි සහතික යොමු කිරීම නොකළ යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කරන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ 10/2006 අනුව සෑම විශ්‍රාම වැටුප්ලාභියෙකුම වාර්ෂිකව සිය පදිංචිය තහවුරු කිරීමට අදාළ සහතිකය පුරවා, අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා වෙත භාර දීම අනිවාර්ය ක්‍රියාවලියක්
එය අදාළ විශ්‍රාමිකයා ජීවත්ව සිටින්නේ ද යන්න දැනගැනීමේ නීතිගත ක්‍රමය යි.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින විශ්‍රාම වැටුප් නිලධාරීන් හරහා මෙම පදිංචි සහතික යොමු කිරීම සිදු කරනු ලබනවා.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකුගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ප්රභූන්ට වෙනම නීතියක් නැති බවත්, මේ චක්‍රලේඛ පොදුවේ විශ්‍රාම වැටුප් ලබන සියල්ලන්ට අදාළ වන බවත් ය.
වාර්ෂිකව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලිපිගොනු යාවත්කාලීන කෙරෙන්නේ මේ හරහා බව ද ඔහු සඳහන් කළා.
© Lanka web.lk
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?