2021 වසර වන විට මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 510 ක් බව ආරක්ෂක අමත්‍යංශය වාර්තා කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරනවා.
2017 වසරේදී සිදු කල සමීක්ෂණයකට අනුව මෙරට රෝහල් තුල ICU ඇඳන් 492ක් තිබු බව තහවුරු වන බවයි.
නමුත් කොරෝනා දැඩි අවදානමක් ද පැවති 2020 වසරෙන්ද පසු සහ මේ වන විටත් වැඩි කර ගැනීමට හැකිව ඇත්තේ ඇඳන් 18 ක් පමණක් බවද ඔහු සඳහන් කරනවා.
මීට අමතරව කොරෝනා රෝගීන් වෙනුවෙන් බව පවසමින් නවීකරණය කල අම්පාර රෝහලේ වාට්ටුවට අවශ්‍ය දැඩිසත්කාර ඒකක ඇඳන් 6න් මේ වන විටත් ක්‍රියාත්මක වන්නේ ඇඳන් 2ක් පමණක් බවද ඔහු පවසනවා.
සමන් රත්නප්‍රිය මහතා මේ අදහස් පලකලේ Mee Massoo TV සමඟ විශේෂ කතා බහකට එක්වෙමින්.
එමෙන්ම මේ වන විට සිදුවන ICU ඇඳන් අසාධ්‍ය රෝගීන් සඳහා මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබඳවද ඔහු මෙහිදී අනාවරණය කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට