Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දින 10 න් ඇඳන් 10 000ක් රජයේ විශේෂ වැඩසටහනකට බැසිල් මුල්වෙයි

කොරෝනා ආසාදිත පුද්ගලයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා දින දහයක් ඇතුළත ඇඳන් දස දහසක් ලබා දීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ඇඳන් දස දහසට අමතරව දිස්ත‍්‍රික්ක මට්ටමින් අමතර ප‍්‍රතිකාර ස්ථාන හඳුනාගෙන ඒවාට අවශ්‍ය ඇඳන් ඇතුළු උපකරණ සැපයීමේ වගකීම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට පවරා තිබෙනවා.

About The Author