Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දේශපාලනය සහ හමුදාව සෞඛ්‍යයට ඉහළින් තීරණ අරන් – Lockdown එකට බෑ කියලා

සංචාරක සීමා පනවා Covid – 19 තත්වය පාලනය කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කිහිප වතාවක් යෝජනා කර ඇතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එයට කැමැත්ත පළ කර නැතැයි සතිඅන්ත “අනිද්දා” පුවත්පත වාර්තා කර තිබෙනවා.

අප්‍රේල් 23 සහ අප්‍රේල් 30 දිනවල Covid – 19 මර්ධන කාර්‍යසාධක බලකාය රැස්වූ අවස්ථාවලදී අමාත්‍යවරිය එම ඉල්ලීම් කර ඇති බවයි වාර්තාවන්නේ.

එම අවස්ථාවලදී සංචරණ සීමා පැනවීමෙන් ආර්ථික ප්‍රශ්න ඇතිවන බව හා බහුතර ජනතාව දෛනික වැටුපෙන් ජීවත්වන බව කියමින් ජනාධිපතිවරයා විසින් සංචරණ සීමා පැනවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි පුවත්පත වාර්තා කරන්නේ.

ජනපතිගේ තීරණයට හමුදාපතිවරයාගේ ද සහය

මෙම කතාබහ සිදුවන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනාධිපතිවරයාගේ අදහසට සහයෝගය පළ කර තිබේ.

අප්‍රේල් 23 වැනිදා පැවති සාකච්ජාවේදී අප්‍රේල් 19 වැනිදා සිට කොවිඩ් 19 රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, තරුණයින්ට පවා රෝග ලක්ෂණ පහළ වී තිබෙන බවත් පෙන්වා දෙමින් අප්‍රේල් 24-26 දීර්ඝ සති අන්ත නිවාඩුවට සංචරණ සීමා පනවන ලෙස ඇය ඉල්ලා අහ බවයි වාර්තාවන්නේ.

ඖෂධ නිශ්පාදන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනද සංචරණ සීමා පැනවිය යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වන විට නව කොවිඩ් 19 ප්‍රභේදය රට තුල තිබෙන බවද ඇමතිවරිය අවධාරණය කර තිබෙනවා.

ඊට අමතරව අප්‍රේල් 30 වැනිදා ද සංචරණ සීමා පැනවීමේ ඉල්ලීමක් අය විසින් සිදු කර ඇති අතර එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කල පසු සම්පූර්ණ සීමා පැනවීමට නොහැකි නම් අත්‍යාවශ්‍ය නොවන කටයුතු සීමා කරන ලෙස ඇය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

© මුලාශ්‍රය – අනිද්දා

About The Author