Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කරාපිටිය වෛද්‍යවරයෙක් පැණි දම්මිකට අඳි – අත හිත ඕෂදී හේවාමද්දුමගෙන්, ජනතාව ඇන්දවීමට ගිය තවත් වංචාවක සුලමුල එළියට

කොරෝනා මර්ධනය කිරීම සඳහා තමන් විසින් බෙහෙත් කරලක් නිපදවූ බවත් එම පෙත්ත හරහා පෙනහළු ශක්තිමත් වීම හේතුවෙන් රෝගීන් මිය නොයන බවත් පවසමින් කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු බව පැවසු පුද්ගලයෙකු ජනප්‍රිය youtube නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව බොහෝ දෙනාගේ අවදානයට ලක් වුණා,

තමන් ආචාර්ය උපාධියකටද හිමිකම් කියන වෛද්‍යවරයෙකු ලෙස හදුන්වා දෙමින් උදාර සම්පත් ගුණවර්ධන නම් අදාළ පුද්ගලයා අදාළ youtube සම්මුඛ සාකච්ඡාවේදී පවසන්නේ තමා ඇතුළු පර්යේෂකයින් පිරිස නිපදවූ මෙම බෙහෙත් කරල සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ISO 22000 තත්ත්ව සහතිකය මෙන්ම Bureau Veritas නම් ජාත්‍යන්තර ආයතනයකින් ආහාර අතිරේකයක් ලෙස ලබා දුන් සහතිකයක් ද අදාළ ඖෂධය සඳහා ඇති බවයි.

බෙහෙත් කරල ෆාමසිවල

මෙම බෙහෙත් පෙත්ත කරල, කරල් 12ක පෙට්ටියක් ආකාරයෙන් රුපියල් 3750 ක මිලකට අලෙවි කිරීම සඳහා මේ වන විටත් ෆාමසි සඳහා බෙදාහැර තිබෙනවා.

මෙම බෙහෙත් කරල පිළිබඳ අනාවරණය වීමත් සමඟ ගාල්ල ප්‍රදේශයේ පදිංචි ගවේෂණශීලි මාධ්‍යවේදියෙකු වන සජීව විජේවීර මහතා මේ පිළිබඳ තව දුරටත් තොරතුරු සොයා ගොස් තිබෙන්නේ මේ පිළිබඳ ඇති වූ දැඩි උනන්දුව නිසාමයි.

එහිදී හෙළිව ඇත්තේ මේ සියල්ල ජනතාව රවටමින් සිදු කළ මහා වංචාවක් බවයි.

වෛද්‍යවරයා බොරුකාරයෙක්

අදාළ වෛද්‍යවරයා ආචාර්ය උපාධිධාරියෙකු නොවන බවත් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ සාමන්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවා කරන බවත් මුලින්ම අනාවරණය වී තිබෙනවා.

ඉන් අනතුරුව සජීව විජේවීර මහතා අදාළ වෛද්‍යවරයා මුණ ගැසී මෙම අව්ශාදය නිෂ්පාදනය කිරීම සහ ඊට සහය දැක්වූ පරීක්ෂණ කණ්ඩායම සහ පර්යේෂණ පත්‍රිකා පිළිබඳ විමසා ඇති අතර අදාළ කිසිදු තොරතුරක් ඉදිරිපත් කිරීමට මෙම උදාර සම්පත් ගුණවර්ධන නම් වෛද්‍යවරයාට හැකි වී නැහැ.

තත්ත්ව සහතික සේරම බොරු කතා

එමෙන්ම ඔහු විසින් පැවසු අයුරින් ISO 22000 තත්ත්ව සහතිකය මෙන්ම Bureau Veritas නම් ජාත්‍යන්තර ආයතනයකින් ආහාර අතිරේකයක් ලෙස ලබා දුන් සහතිකය සැබෑ ලෙසම මෙම බෙහෙත් කරලට හිමිව තිබේද යන්න පිළිබඳවත් මාධ්‍යවේදී සජීව විජේවීර මහතා විසින් සොයාබලා තිබෙන්නේ අදාළ ආයතන සෘජුවම සම්බන්ධ කරගනිමින්.

එහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ Bureau Veritas ආයතනය යන ආයතන දෙකම අවධාරණය කර ඇත්තේ අදාළ නිෂ්පාදනය සඳහා තම ආයතනයන හරහා කිසිදු අනුමැතියක් හෝ සහතික ලබා දීමක් සිදු කර නොමැති බවයි.

ජනතාවගේ ජිවිත අනතුරේ

එමෙන්ම මේ වන විටත් අලෙවිය සඳහා වෙළඳපොළට නිකුත් කර ඇති අදාළ බෙහෙත් කරල සඳහා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු අනුමැතියක් හිමිව නොමැති බවද හෙළිව තිබෙනවා.

උදාර සම්පත් ගුණවර්ධන නම් අදාළ පුද්ගලයා විසින්ම අන්වරණ කරන ලද කරුණු අනුව මේ වන විට අදාළ බෙහෙත් කරල නිෂ්පාදනය කරනු ලබන්නේ Megha Caring (Pvt) Ltd විසින්.

ඕෂදී හේවාමද්දුමගේ පටලැවිල්ල

මෙම කරුණු අනාවරණය කරගත් මාධ්‍යවේදී සජීව විජේවීර මහතා මේ පිළිබඳව තව දුරටත් කරුණු සොයා යාමේදී ඔහුට දැන ගන්නට ලැබී ඇත්තේ අදාළ ආයතනය ඖෂධ නිෂ්පාදන ආයතනයක් නොව රූපවාහිනී වෙළඳ දැන්වීම හා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන ආයතනයක් බවයි.

සජීව විජේවීර මහතාට අදාළ ආයතනයේ වගකිව යුත්තෙකු සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බව දැන්වූ පසු එහි සේවකයෙකු ඔහුට ප්‍රදීප් බුලත්සිංහල නම් පුද්ගලයෙකුගේ දුරකතන අංකයක් ලබා දී තිබෙනවා.

අනතුරුව විජේවීර මහතා අදාළ අංකයට ඇමතුමක් ලබා ගෙන ඇති අතර අනෙක් කෙලවරින් දුරකථනය ඔස්සේ සම්බන්ධ වී තිබෙන්නේ රංගන ශිල්පිනියක් මෙන්ම පසුගිය මහමැතිවරණයේදී “වියත්මඟ” නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂිකාවක ලෙසද ඉදිරිපත් වූ ඕෂදී හේවාමද්දුම මහත්මියයි.

අනතුරුව මාධ්‍යවේදී සජීව විජේවීර මහතා අදාළ බෙහෙත් කරල පිළිබඳ ඇගෙන් කරුණු විමසා තිබෙනවා.

එහිදී අය අවධාරණය කර ඇත්තේ ISO ප්‍රමිති සහතික වල සිට අවශ්‍ය සියලු සහතික අදාළ බෙහෙත් කරලට ඇති බවයි.

අනතුරුව මාධ්‍යවේදී සජීව විජේවීර මහතා පවසා ඇත්තේ අදාළ සහතික කිසිවක් එම බෙහෙත් කරලට නොමැති බවයි.එයට ප්‍රතිචාර දැක්වූ ඕෂදී හේවාමද්දුම මහත්මිය අදාළ කරුණ පිළිබඳ වෛද්‍යවරයා සමග කතාකොට නැවත ඇමතුමක් ලබා දෙන බව පවසා දුරකථනය විසන්දි කර තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම විජේවීර මහතා නැවත අය හා සම්බන්ධ වීමට උත්සහ දරා ඇති නමුත් ඇය දිගින් දිගටම සිදු කර ඇත්තේ දුරකථනය විසන්දි කිරීමයි,

අනතුරුව කෙටි පණිවිඩයක් එවමින් අය සජීව විජේවීර මහතාට ලබා දී ඇත්තේ පැණි බාස් පන්නයේ ප්‍රතිචාරයක්.

“හරි දේට බොරුවක් කියල චෝදනා කරන ඔයාටත් ඉක්මනින්ම ඔය බෙහෙත බොන්න ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා” ඕෂධී හේවාමද්දුම මහත්මිය සජීව විජේවීර මහතාට ඒවා තිබු කෙටි පණිවිඩයයි.

ඕෂදිගේ Face Book Campaign එක

සජීව විජේවීර මහතාගේ ගවේෂණය අනුව හෙළිවන මේසා විශාල වංචනික සහ අසරණ මිනිසුන්ගේ ජිවිත සමග සිදු කරන මෙම සුදු ක්‍රීඩාවේ කුඨප්‍රාප්තිය ඕෂදී හේවාමද්දුමගේ Face Book පිටුවෙන් පසුගියදා එළියට පැන තිබුණේ ඇය අදාළ කොරෝනා කරලේ අලෙවිනාම තානාපතිවරිය මෙන් පෙනී සිටිමත් සමගයි.

 

මිනිස් ජීවිත සමග සෙල්ලම් කළ කුඨ ජාවාරමෙන් රුපියල් ලක්ෂ 750ක් උපයලා ?

මේ වන විට අදාළ කරල් අඩංගු පෙට්ටි 50000 ක් නිෂ්පාදනය කර ඇති බව වාර්තාවන අතර 20000 ක් මේ වන විටත් අලෙවි කොට අවසන්.ඒ අනුව අදාළ කරල් විකිණීම හරහා උපයාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 750 ක්.

You tube කෙරුවාවටත් අත දිග ඇරලා

මේ වන විට නිල නොවන තොරතුරුවලට අනුව මෙම ඖෂධය නිපදවූ බව කියන වෛද්‍යවරයා සහ මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් මෙම ඖෂධය ජනගත කිරීමට අත දිගහැර මුදල් වියපැහැදම් කර ඇති අතර ආන්දෝලනාත්මක You tube වැඩසටහනක් සඳහා ද ලක්ෂ එක හමාරකට අසන්න මුදලක් ගෙවා ඇති බව ද වාර්තාවනවා.

කරාපිටිය රෝහලත් පරීක්ෂණයක් ඉල්ලයි

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් හඳුන්වා දුන් බව කියන කොරෝනා වෛරසය සඳහා වූ දේශීය ආහාර අතිරේකය පිළිබඳ තමන් ඇතුළු රෝහල් පරිපාලනය කිසිවක් නොදන්නා බව එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර විමර්ශනයක් සිදු කරන ලෙසද ඉල්ලා සිටින බවද වැඩබලන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප‍්‍රියන්ත ජීවරත්න මහතා සඳහන් කළේ අදාළ වෛද්‍යවරයා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ නම යොදා ගැනීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දීමක් සිදු කරන බවයි.

© මාධ්‍යවේදී සජීව විජේවීර මහතා සිදුකළ ගවේෂණයට අදාළ සම්පුර්ණ ලිපිය මෙතනින්

About The Author