ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන්නේ කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් වූ විවාදය යි.
ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පැමිණ තිබෙන්නේ එම විවාදය පැවැත්වෙන අතරතුරයි.
අද එම විවාදයේ දෙවන දිනයයි.
සෑම මාස තුනකටම වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අතර ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට