පිළියන්දල පොලිස් බල ප්‍රදේශය සම්පුර්ණයෙන්ම lockdown කිරීමේ තීරණය ගනු ලැබුවේ අදාළ ප්‍රදේශයේ සියලු සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත තමන්ට නිරෝධායන පනත යටතේ පැවරී ඇති බලතල අනුව යමින් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
ඔහු පවසන්නේ යම් ප්‍රදේශයක් හුදකලා කිරීමේ හෝ එය ඉවත් කිරීමේ බලය සෞඛ්‍ය බලධාරීන් ප්රමුඛව තමන්ගේ වගකීමක් බවයි.
ඒ අනුව එලෙස ගනු ලබන තීරණය කොවිඩ් මර්ධනය සඳහා පිහිටුවා ඇති කාර්යසාධක බලකාය හරහා නිවේදනය කරන බවයි.
බොහෝ විට එය හමුදාපතිවරයා විසින් සිදු කරන බවද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේ හිරු tv “සලකුණ” සංවාද වැඩසටහන සමග එක්වෙමින්.
කෙසේ වුවත් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් කිහිපයක පොලිස් ඇඳිරි නිතිය හිටි හැටියේ ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවත් ඔහු මෙහිදී පිළිගත්තා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස් විමසීමක් සිදුකර නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
ඒ අනුව නිරෝධායන පනත අනුව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සතුව ඇති බලතල අභිබවා යමින් හමුදාපතිවරයා විසින් පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක lockdown කිරීම් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව අනාවරණ වනවා.
එමෙන්ම පොදු ජනපෙරමුණ නියෝජනය කරන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මේ සඳහා යම් බලපෑමක් කර ඇති බවද ඔහු මෙහිදී පිළිගත්තා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට