ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සිය ධුරයට සමුදෙමින් එම ධුරයෙන් ද ඉල්ලා අස්වූ බව පවසනවා.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට පසුගිය අපේ‍්‍රල් මස 19 වැනිදා බාර දුන් බවත් පසුගිය 30 වැනිදා පැවැති අවසන් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව නිල වශයෙන් තමන් එම ධුරයේ වගකීම් වලින් ඉවත් වූ බවත් මාධ්‍යට සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් රජයේ ඉහලම බලධාරීන් දැනුවත් කර ඇති බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වන බවත් නුෂාඞ් පෙරේරා මහතා සඳහන් කරනවා.
පසුගිය දිනවල සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ඇෆ්ලටෝක්සින් නම් පිළිකාකාරක අඩංගු විෂ පොල්තෙල් වෙළඳපොළට නිකුත් කිරීමේ ගනුදෙනුව මෙන්ම , රුපියල් බිලියන ගණනක් රජයට පාඩු කරමින් සතොස හරහා සිදුවූ සීනි බදු වංචාව ඇතුළු ගනු දෙනු කිහිපයක් සම්බන්ධයෙන් නුෂාඩ් පෙරේරා මහතාට සෘජු චෝදනා එල්ල වුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට