Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“මින් මතු ලංකාවට රසායනික පොහොර ගෙන්නන්නේ නෑ – කන්න නැත්තං රටින් ගේනවා” කෘෂි ඇමති සිය ධුරයේ වගකීම පහදයි

රසායනික පොහොර භාවිතය නතර කර දමා කාබනික පොහොර භාවිත කරන ලොව එකම දුපත බවට ශ්‍රී ලංකාව පත් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.

ඔහු පවසන්නේ රසායනික පොහොර නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගනු ලැබූ තීරණය කාලෝචිත වැදගත් වටිනා තීරණයක් බවයි.

යම් හෙයකින් මෙම තීරණය හේතුවෙන් ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් එහි වන්දිය රජය විසින් ගොවීන්ට ලබා දෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්න කළේ යම් ආකාරයකින් එක්වරම රසායනික පොහොර භාවිතය නවතා දැමීම සමග සහල් හෝ එළවලු හිඟයක් ඇති වුවහොත් කුමක් කරන්නේද යන්නයි.

ඊට ප්‍රතිචාර දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ එසේ වුවහොත් ඒවා පිටරටින් ගෙන්වන බවයි.

ජනතාව වස විස කනවාට වඩා එය හොඳ බවද ඔහු සඳහන් කළා.

About The Author