දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බවට මේ වන විට විශාල රාවයක් සමාජය තුළ පතිර යමින් පවතිනවා.
අවස්ථා රැසකදීම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සහ රජය පිළිබඳ දැඩි විවේචන සිදු කළ හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් වාතාවරණයක් ද ඇති වුණා.
කෙසේ වෙතත් දේශපාලන ක්ෂේත්රයේ කතා බහ ඇතිව තිබෙන්නේ මෙම ආනාවරණයෙන් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට රජය සුදානම් වන බවයි.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හරීන් ප්‍රනාන්දු මහතාට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් ද කර තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට කිසිදු හැකියාවක් නොමැති අතර රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද සඳහන් කළේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත නොහැකි බවයි.
කෙසේ වෙතත් මේ වන විට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කෙසේ හෝ අත්අඩංගුවට ගැනීම සඳහා ආණ්ඩුවේ පිරිසක් සැලසුම් කරමින් සිටින බවටයි තොරතුරු වාර්තාවන්නේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් හරීන් ප්‍රනාන්දු මහතා බැලීම සඳහා කොළඹ නවලෝක රෝහල වෙත පැමිණි අතර එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගියදා (27) හරීන් ප්‍රනාන්දු මහතාගේ සුව දුක් බැලීමට පැමිණ තිබෙනවා.
එසේ පැමිණි වික්‍රමසිංහ මහතා මාධ්‍යට සඳහන් කළේ රජය විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හිරිහැර කරමින් සිටින බවයි.
හරීන් ප්‍රනාන්දු මහතා කෙසේ හෝ අත්අඩංගුවට ගැනීම සඳහා යහපාලන රජය සමයේ ICTA ආයතයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂණයක් කිරීමට රජය හිටි හැටියේම පියවර ගනිමින් සිටින බව පැවසු වික්‍රමසිංහ මහතා පාස්කු කොමිසමේදී හෝ අපරාධ විමර්ශන වලදී පවා අනාවරණය නොවූ කරුණු දැන් අනාවරණය වන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම බරපතළ ගැටළුවක් බවත් සඳහන් කළා.
එලෙසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වරදකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්න්බන්ධ වන්නේ නම් ඒ කුමන වරද සඳහාදැයි පැහැදිලිව පැවසීමට අදාළ පාර්ශව කටයුතු කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා.
කෙසේවෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝහල වෙත පැමිණ හරීන් ප්‍රනාන්දු මහතා හමුවීමට පෙර සිටම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට අවශ්‍ය නීතිමය රැකවරණය ලබා දීම වෙනුවෙන් කටයුතු කර ඇති බවයි.
නීති විශාරදයින් කිහිප දෙනෙකුම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමග සම්බන්ධ කිරීමටද වික්‍රමසිංහ මහතා පුද්ගලිකවම මැදිහත්ව ඇති බවද අප වෙත වාර්තාවනවා.
දේශපාලනය තුළ මේවන විට රට තුළ ඇත්තේ ආණ්ඩුවක් සහ විපක්ෂයක් පමණක් බවත් හරීන් ප්‍රනාන්දු මහතාට සඳහන් කර ඇති වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකමුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී තිබෙනවා.
යම් ආකාරයකින් රජය විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් මර්ධනයකට සැරසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සියලු දෙනා ඒකාබද්ධ ව කටයුතු කළ යුතු බවයි වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට