ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ මොහාන් සමරනායක මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සිය රාජකාරි ආරම්භ කිරීමෙන් පසු පුරප්පාඩු වූ ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා පත කර තිබෙනවා.
එම පත් කිරීමට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (27) සුදේව හෙට්ටිආරච්චි මහතා වෙත භාරදී තිබෙනවා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිනියට පැමිණීමට පෙර හිරු TV , හිරු FM නාලිකා ඇතුළු නාලිකා රැසකින් යුත් රෙනෝ සිල්වා මහතාට අයත් ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධානතම තනතුරක් හොබවා තිබෙනවා.
දක්ෂ හා ජනප්‍රිය නිවේදකයෙකුද වන හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට එක්වූ අවස්ථාවේදී සමාජය තුළ ඒ පිළිබඳ විශාල කතා බහක් ද නිර්මාණය වුණා.
ඒ වන විට විශාල අර්බුද ගණනාවකට මුහුණ දී තිබු ස්හුවර්ණවාහිනිය නැවතත් යථාතත්වයට පත් කිරීම සඳහා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස හෙට්ටිආරච්චි මහතා නායකත්වය ලබා දී තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට