Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය දාන්න බෑ , කොවිඩ් වලට අවසන් විසඳුම එන්නත්කරණයයි – ජනපති අවධාරණය කරයි

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණ බවත් ඒ සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා ඇති බව පවසන ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත පුද්ගලයින් 925,242කට මේ වන විට ලබාදී ඇති බවද පෙන්වා දෙනවා.

එම එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිත බවත් ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවැනි මාත්‍රාව ලබා දෙන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇති අතර ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටින බවද සඳහන් කරනවා.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගන්න බවත්, ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇති බවත් පවසන ජනාධිපතිවරයා පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බවද සඳහන් කරනවා.

මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැනටමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටින බවද සඳහන්.

කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කළ සිහි කැඳවීම අනුව යමින් නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ආදියට මුල්තැන දෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා විසින් මතු කර තිබෙනවා.

කොවිඩ් 19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතුය යැයි සමහරු කල්පනා කරති. ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරනැ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින් අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකි බවද අවධාරණය කරන ජනාධිපතිවරයා අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙන බවත් බැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස වී තිබෙනවා.

© ජනාධිපති මාධ්‍ය ඒකකය

About The Author