Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුපියල් බිලියන දෙකක් රටට අහිමිවන ගණුදෙනුවක් !

මෙරට නිෂ්පාදිත මත්පැන් බෝතල් සහ පිටරටින් ආනයනය කරන්නා වූ මත්පැන් බෝතල් ප්‍රමාණය මසකට මිලියන 32ක් පමණ වන බවට ගණන් බලා ඇති බව වාර්තවනවා.

ඒ අනුව මත්පැන් පරිභෝජනය පුරවැසියන් සංඛ්‍යාවෙන් බෙදු කළ පුද්ගලයෙකු වසරකට ලීටර 4.1 පමණ පානය කරන බව 2018 වසරේ සංඛ්‍යා දත්ත අනුව හෙළිවනවා.

ඒ අනුව ආසන්න වශයෙන් මත්පැන් ලීටර මිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් මෙරට ජනතාව වාර්ෂිකව පරිභෝජනය කරනවා.

ආසන්න වශයෙන් මාසිකව පරිභෝජනය කරන බෝතල් මිලියන 32 ක මත්පැන්, නිෂ්පාදනා ආයතන 53ක් හරහා බෙදා හැරීම සිදුවන අතර මෙම ආයතන මගින් කරන්න බදු වංචා සලකා බැලීමෙන් අනතුරුව රජයට සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා මත්පැන් බෝතල් සඳහා ලේබල්ස ක්හ‍රමයක් ඇති කිරීමට යහපාලන සමයේදී යෝජනා වී තිබෙනවා.

ඒ අනුව සිදුවන බදු වංචාවන් මෙන්ම නීති විරෝධී සහ ව්‍යාජ මත්පැන් අවසරලත් මත්පැන් බෝතල් ලේබල් මගින් හදුනාගැනීමට ද හැකිවීම විශේෂත්වයක්.

ඒ අනුව අදාළ වැඩසටහන සඳහා 2016 වසරේදී දී ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

නමුත් මෙහි දී අදාළ ලේබල් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය මෙරට කිසිදු දේශීය සමාගමකට ලබාගැනීමට අවකාශය නොලැබෙන අයුරින් ටෙන්ඩර පිරිවිතර සකස් කර තිබු බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒ අනුව අදාළ ටෙන්ඩරය සදහා විදේශීය ආයතන 7 ක් ඉදිරිපත් ව තිබෙන්නෙ මෙරට  ඒජන්තයන් හරහායි.

එහි දී පළමු ලංසුකරු වන MSP හෙවත් (Madras Security Printers) නම්  සමගම තෝරාගෙන ඇති නමුත් , ටෙන්ඩරයට අදාළ පිරිවිතර සපයා නොමැති බවට සෙසු ටෙන්ඩරකරුවන් චෝදනා කර තිබෙනවා.

නමුත් මෙම ආයතනය හා සම්බන්ධ  ඉහල පෙලේ දේශපාලන බලපෑම් මත අදාළ විරෝධතාද නොතකා මෙම ටෙන්ඩරය MSP සමාගම වෙත පිරිනමා ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් එම කාලය තුළ අදාළ ලේබල් මුද්‍රණය සිදු වී නැහැ.

වර්තමාන රජය බලයට පත් වීමත් සමග යහපාලන රජය සමයේ අත්සන් කර ඇති ඉහළ අගයක් ගන්න ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳ සමාලෝචනයක් සිදු කර තීරණයක් ගන්න බව පැවසුවද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ඒ ආකාරයේ කිසිදු මැදිහත් වීමක් කර නොමහි බවද වාර්තාවන්වා.

ලැබී ඇති තොරතුරු අනුව මෙම ඉන්දීය MSP සමාගම වත්මන් රජයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු සමගද සම්ඩෑබන්හැධතා පවත්වමින් කටයුතු කරන අතර පෙර සඳහන් කළ ටෙන්ඩර ලංසු අගයට වඩා වැඩි ගණනක් වර්තමානයේ ගෙවන බව ද පැවසෙනවා.  

සුරාබදු දෙපාර්තමේන්තුව ට සම්බන්ධ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම ගනු දෙනුව හරහා අවමය රුපියල් බිලියන 2 කට ආසන්න මුදලක් අදාළ ගනුදෙනුව හරහා රටට අහිමිවන බවයි.

එසේත් නොහැකි නම් රජයේ මුද්‍රණාලයට අවශ්‍ය උපකරණ මිලදී ගෙන ක්‍රියා කොට රටට අහිමිවන මුදල රට තතුළම රඳවා ගැනීමට ක්‍රියා කළ

මෙම ලේබල් මුද්‍රණය කිරීමේ කටයුත්ත මෙරට මුද්‍රණ සමාගමකට ලබා දීමට නොහැකි මන්දැයි යන්න ඔවුන්ගේ ප්‍රශ්නයයි.

About The Author