Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පිළිකාකාරක නිෂ්පාදන වෙළඳපොළේ තිබුණත් ජනතාව කලබල වෙන නිසා කියන්නේ නෑ – නිෂ්පාදකයින් ආරක්ෂා කරගන්නවා

පිළිකාකාරක අඩංගු ආහාර නිෂ්පාදන වෙළඳපොළ තුළ තිබෙන බවත් ජනතාව බිය වේය යන හේතුව මත ඒ පිළිබඳ කරුණු හෙළි කිරීමෙන් වළකින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීමේ අරමුණින් අදාළ නිෂ්පාදන වෙළඳපොළෙන් ඉවත්කිරීමට කටයුතු යොදන බවයි.

අනතුරුව පිළිකාකාරක හෝ විෂකාරක අඩංගු නොවන ලෙස එම නිෂ්පාදන සකස් කරවා ඒවා නැවත නැවතත් පර්යේෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව වෙළඳපොළට නිකුත් කිරීමට අවසර ලබා දෙන බවද ඔහු හෙළිකළේ ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්.

උපුටා ගැනීම

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරන ආහාර ද්‍රව්‍ය හැරුණු කොට ආහාර ආරක්ෂණ ඒකකය දැනුවත්ව වෙළෙඳපොළේ පිළිකා කාරක ආහාර වර්ග තියෙනවාද?

ඔව්. ඇතැම් ආහාර සම්බන්ධයෙන් අපි කළ රසායනාගාර පරීක්ෂණයන් මගින් ඇෆ්ලටොක්සීන් අන්තර්ගත ආහාර තිබුණා. අපි වහාම ක්‍රියාත්මක වෙලා ඒ වගේ ආහාර ද්‍රව්‍ය තහනම් කරලා වෙළෙඳපොළේ අලෙවියෙන් ඉවත් කළා. ඒ විතරක් නෙවෙයි නීතිමය ක්‍රියාමාර්ගයන් ගත් අවස්ථාවන්ද තිබෙනවා. කොහොම නමුත් දේශීය නිෂ්පාදකයාව කඩාවට්ටන්නත් අපිට බැහැ. ඒ නිසා ඔවුන්ට නිවැරැදි ආහාරය නිෂ්පාදනය කරන්න කාලයක් ලබා දෙනවා. එහෙම නිෂ්පාදනය කළාට පසුව ඒ කියන්නේ මිනිස් පරිභෝජනයට සුදුසු පරිදි නිෂ්පාදනය කළාට පසුව ඒ පිළිබඳව නැවත පරීක්ෂා කරලා සුදුසු නම් වෙළෙඳපොළට නිකුත් කරන්න අවසර ලබාදී තිබෙනවා.

• වෙළෙඳපොළ තුළ පිළිකා කාරක ද්‍රව්‍ය අන්තර්ගත භාණ්ඩ අ‍ලෙවි වූ බව දැන ගත්තත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න කටයුතු කළේ නැහැ නේද?

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා‍. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ‍ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒක වළක්වන්න බැහැ.

© අරුණ

About The Author