ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට බැනවැදුණු බව පවසමින් පොදුජන පෙරමුණ පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා විජේදාස රාජපක්ෂ මහතාට බැනවැදීමක් සිදු කර නොමැති බවයි.
ජනාධිපතිවරයා ඉසින් සිදු කර තිබෙන්නේ කරුණු පැහැදිලි කිරීමක් බව පෙන්වා දුන් අලුත්ගමගේ මහතා විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ ඔහුට ඇමති කමක් හිමි නොවීමෙන් ඇති වූ අවුල නිසා බවද පෙන්වා දෙනවා.
ජනතාවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් කටයුතු කරන රාජපක්ෂ මන්ත්‍රීවරයා පුද්ගලික ගැටළු ජාතික ප්‍රශ්න බවට පත් කිරීමට උත්සහ කරන බවට චෝදනාවක්ද එල්ල කළා.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂය වන බව ද මෙහිදී පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනකට එන බවද ඇමතිවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
දැනට ඉදිරිපත් කර ඇති වරාය නගර පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම්වල තීන්දු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ඕනෑම තීන්දුවක් පිළිගැනීමට රජය සුදානම් බවයි ඔහු මෙහිදී අවධාරණය කළේ.
මෙම වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රී ලංකාව දියුණු වනු දැකීමට අකමැති පිරිස් විසින් අසත්‍යය සමාජ ගත කරමින් සිටින බවද ව්‍යාපෘතියට විරෝධී රටවල් විසින් ඔවුනට අනුග්‍රහය දක්වන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට