Zany Inzane නම් රැප් ගායන ශිල්පියා විසින් ගායනා කරන “අන්ධයෝ” නම් ගීතය මේ වන විට යූටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය තුල අතිමහත් ජනප්‍රියත්වයක් ලබා ගනිමින් සංසරණය වෙමින් පවතිනවා.
සමාජයේ සිදුවන දේ ඉතාමත් නිර්දය ලෙස ප්‍රශ්න කරන පදමාලාවකින් යුක්ත මෙම ගීතය පසුගිය මාර්තු 31දා යූටියුබ් වෙත මුදාහරින ලදි.
Zany Inzane යනු වත්මන් තරුණ පරපුර අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති සිංහල රැප්/හිප්හොප් සංගීත ශෛලිය දේශපාලන/විරෝධාකල්ප (Political Rap) තේමාවන් අනුව යොදාගන්නා තරුණ නිර්මාණ ශිල්පියෙකු ලෙස කතාබහට ලක්ව තිබෙනවා.
Zany Inzane නම් freestyle රැප් ගායකයා විසින් ගායනා කරනු ලබන “අන්ධයෝ” ගීතයේ පදමාලාව සහ යූටියුබ් ලින්ක් එක පහතින්.
අපේ ඇස් වල බැදිලා
වහල් පටලේ
කොටවන්නෙ ජාති
වර්ග හතරේ
Luxury life
ප්‍රකෝටි කාර්
Club වල night
හොරාට බාර්
ඔලුවට ගනින් මේ වෙන දේ
හරියට හරි තේරෙන දේ
උන්ගෙම බඩු
උන්ගෙම නඩු
වෙනසක් පෙනුනද මේ වෙනසේ
උන් කරලාම අවසානේ
නම් කලා රටේ අවසානේ පාස්කුවක්
කලේ කවුරු උනත්
උගේ ගෑවුනේ නෑ අතේ
මාංචුවක්
අපි ගේන්නේ අහිංසක
මිනිස්සු මරන්නද ආන්ඩුවක්
ආයේ නෙවෙන්න ඕනේ නෑ
රෑ වෙද්දී ගෙදරක ලාම්පුවක්
අර ශුගර් ඩැඩී
රගපෑවා වැඩී
දැන් ගැලවිලා රෙදී
අන්දනවා ඇතී
පඩයක් ගියත් ඉගේ මුනුපුරාට
හෙට පත්තරේ
අර සිංහරාජේ
හෙට කපනවා ඊලග අක්කරේ
රට වික්කට අපි ආදරේ කොඩියට
අපේ අහවල් එක අරන්
තියපං ඊලග අවුරුද්දේ පොලියට
ඒකත් අහලම කියපං අයියගෙන්
ඇයි මැරෙන්නෙ අහනවා අයියගෙන්
මම ඊලග මැතිවරනෙට මොනවද
බෙදන්නේ නිකන්
අහනවා සජියගෙන්
කරපං දූවිලි ආශ්වාස
කරපං දූවිලි ප්රාශ්වාස
ඇයි උඹලාගේ පපු
ආත්මාර්ථ
නිදහසේ ජීවත් වෙන්නයි
මාත් ආස
මේ වෙන දේ උඹ තේරුම් ගනින්
වහල් නොවී ඔලු බේර ගනින්
උන් ටික යයි හෙට යුරෝපෙට
අපිව මරණ්නේ මුන් විනෝදෙට
බල්ලෙක්ට ගැහුවොත් රුපියලකින්
එ බල්ලත් බුරන්නේ කින්ඩියට
රට වෙනස් වේවි එක තීරණෙකින්
ඒක ගන්න බයයි එක චන්දයට
යට ගහනවා මුන්ගේ රේප් කේස්
මුලු ටීවී එකේ අද සුට් කේස්
අඩෝ ඌත් ෆේල්
අඩෝ මූත් ෆේල්
කෑලී ගලවලා බැලුවද පීසි එකේ
කට උත්තර නෑ වීරවංස
ක්‍රිකට් කිව්ව ගමන් සීලවංස
සැනියා උඹ ඉන්නේ බීලවත්ද
නෑ සිහියෙන් සමන්ත දේවදත්ත
ලක්ෂපතියේ හරි
පේමන්ට් එකේ හරි
ඇත්ත තමයි කිව්වෙ
භාග්‍යා
කඩේ යද්දී හොරුන්ට
කොහෙද කෙලින් වැඩ කරන මාද්යක්
අපි අන්ධ වෙලා
අපි අන්ධ වෙලා
ඇස් දෙක ඉදිරියේ වෙන දේ
නොපෙනෙන තරමට
අපි දැන් අන්ධ වෙලා
කපනවා ගස් හදනවා වැව්
කොහොමද මොලේ
අඩෝ අපි පව්
ප්‍රශ්නෙට කතා කරොත් උන් ජේවීපී
පැලසිටවන්නද ජේසීබී
අපි වාසි හෙව්වේ ශනික
පොඩි ගාන දැක්කේ දිනක
සල්ලි අච්චු ගැහිල්ල
පාන් කන්න වෙන්නෙ
බෙන්ස් එකේ මිලට
සීනි වැහුවා පාපිස්සට
කැපුවා රජෙක් පොල් පිත්තක..
හැදුවා රටක් චීනෙන් කන


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?