කොල්ලුපිටිය සහ බම්බලපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා චීන ජාතිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර චීන ජාතික කාන්තාවක්ද වන බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයේ තිබී රුපියල් දසලක්ෂ අසූ අටදහසකට අධික මුදලක් සහ චීන යුවාන් 2600ක මුදලක් ද නඩු භාණ්ඩ ලෙස ලබා ගෙන තිබෙනවා.
මීට අමතරව පහුගිය දිනවල සිදු කල පොලිස් මෙහෙයුම් වලදී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙන්ම ගණිකා ජාවාරම සම්බන්ධයෙන්ද චීන ජාතිකයින් රැසක් අත්අඩංගුවට පත් වීමේ සිදු වීම් ද වාර්තා වුණා.
මේ වන විට ලක්ෂ දෙකකට අසන්න චීන ජාතිකයින් පිරිසක් මෙරට ජීවත් වන බවයි වාර්තාවන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට