රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කළ බව සහ මේ වන විට අදාළ මන්ත්‍රීධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.
ඒ මහතා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කරමින්.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිව් වසරක සිර දඬුවමක විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතා තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි නොකරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ පෙත්සම පසුගිය 05 වැනි දින විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමද විශේෂත්වයක්.
ඒ, අභියාචනාධිකරණ සභාපති අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල විසින්.
ඉන්පසුව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී රංජන් රාමනායක මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම ද කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඒ අනුව මාස තුනක් තිස්සේ පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී නොවීමේ හේතුව ද රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන අහිමි කිරීමට බල පා ඇති බව සඳහන්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට