ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාසිකව කැඳවන බෞද්ධ උපදේශක සභාව පුද්ගලික ප්‍රශ්න ගැන සාකච්ඡා කරන ස්ථානයක් බවත් එහිදී රටේ ජාතික ප්‍රශ්න ගැන නිසි අයුරින් කතා නොකරන බවත් අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව කැඳවා තිබු ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණා.
එහිදී අදහස් පලකළ මහාචාර්ය පුජ්‍ය අත්තන්ගනේ රත්නපාල නාහිමියන් සඳහන් කරන්නේ අදාළ බෞද්ධ උපදේශන සභාව තුළ කිසි දිනක ජාතික ප්‍රශ්නයක් පිළිබඳ අවධානය යොමු නොකරන බවයි.
එමෙන්ම එය පුද්ගලික අවශ්‍යතාවන් පිළිබඳ කතාකරන ස්ථානයක් බවත් නිකාය වල මහනායක හිමිවරුන්ට දන්වා ඒ සඳහා නියෝජනය ලබා ගැනීම වෙනුවට විවිධ පුද්ගලික හිතවත් කම් මත රැස්කරගත් පිරිසකගෙන් ජනාධිපතිවරයාගේ බෞද්ධ උපදේශන සභාව සමන්විත බවත් උන්වහන්සේ පවසනවා.
එලෙසින් පුද්ගලික ආරාධනයන් මත සහභාගී වන පිරිස පිළිබඳවද තමන් වහන්සේලාගේ කිසිදු ප්‍රසාදයක් නොමැති බවද අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව විසින් මෙහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට