ගැටබේ රාජෝපවනාරාමාධිපති අති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල මහනාහිමියන්ගේ 90 වන ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සුබ පැතුම් රැගෙන පණිවිඩ කරු ලෙස උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාගේ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් මේ වන විට ආණ්ඩුව තුලම අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.
ඉන් එක කරුණක් වී තිබෙන්නේ මන්ත්‍රීවරයා විසින් පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති අධ්‍යාපන අමාත්‍ය ජි. එල් පීරිස් මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයයි.
ජි.එල් කිසිම වැඩක් කරලා නෑ හාමුදුරුවනේ යනුවෙන් ඔහු සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ජි .එල් පීරිස් මහතා දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
ජනාධිපතිවරයා තමන් පහලට අද වැටි ඇති බවත් තමන්ගේ ජනප්‍රියත්වය අඩු වී ඇති බවත් එස්.බී දිසානායක මහතා සමඟ පැවසු බව මාධ්‍ය ඉදිරියේ සඳහන් කිරීම මගින් ජනාධිපතිවරයා ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.
ආණ්ඩුව පිළිබඳ සියලුදෙනා කලකිරී ඇති බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් පැමිණි නියෝජිතයා විසින් පිළිගැනීම අනෙක් බරපතල කරුණයි.
මීට අමතරව චීන උපකාර සම්බන්ධයෙන් දිසානායක මහතා සිදු කල කතාවද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.
එහිදී දිසානායක මහතා පවසන්නේ රටේ ආර්ථිකය ගොඩගැනීමට චීනය විසින් ඕනා තරම් මුදල් ඕනා වෙලාවක ලබා ගන්නා ලෙසත් හැකි විටක ගෙවා දමන ලෙසත් ශ්‍රී ලංකා රජයට අවස්ථා ගණනාවකදී නිල වශයෙන්ම දන්වා ඇති බවයි.
චීනය විසින් ණය උගුලේ සිර කරමින් ලොව ආර්ථික වශයෙන් වැදගත් රටවලට අයත් දේපල පැහැර ගන්නා බවට පැහැදිලි සාක්ෂි සාධක තිබියදී මේ අයුරින් මෙරට රජය චීනයට වහල් වීම පිළිබඳවද මේ වන විට විශාල කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එස්. බි දිසානායක මහතා පවසන්නේ ප්‍රහාරය සිදුවන මොහොත වන විට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඒ වන විට පොලිසිය භාරව සිටි සාගල රත්නායක මහතා දැන සිටි බවයි.
මෙම කරුණ ද අමුලික බොරුවක් වී ඇති අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාරයේ පැවතුණා.
ඒ අනුව සිතා මතා දිසානායක මහතා විසින් නිදහස් පක්ෂයේ සභාපති , තම නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවන සෘජු චෝදනා වලින් යම් ආකාරයකින් මුදා ගැනීම සඳහා මෙම කරුණු දැක්වීම කර ඇති බව පැහැදිලි වී තිබෙනවා.
මෙම කරුණ ද මේ වන විට මතභේදයට තුඩු දී ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව ආණ්ඩුව වෙනුවෙන් පෙනී නොසිටිමින් ජනාධිපතිවරයා පවා අපහසුතාවට ලක් කරමින් එස්. බි දිසානායක මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය ආණ්ඩුව තුළ විශාල කැළඹීමක් නිර්මාණය කර ඇති අතර එස්.බී දිසානායක මහතාට ප්‍රතිචාර දක්වමින් පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ ජේෂ්ඨ දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ඉදිරියේදී දැඩි ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට