වත්මන් ආණ්ඩුව විසින් ජනාධිපතිවරයාගේ (විධායකයේ) බලතල වර්ධනය කරමින් සම්මත කළ 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 69 ලක්ෂයේ ජනවරමට පටහැනි බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ එය ජනවරමට එරෙහිව යාමක් බවයි.
ආණ්ඩුව ජනවරම පිළිගත්තා නම් 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය එලෙසින්ම ඉදිරිපත් වීමට සහ සම්මත වීමට ඉඩ නොතිබූ බව පවසන ගම්මන්පිළ මහතා ආණ්ඩුවේ ගමන නිවැරදි කිරීම සඳහා ආණ්ඩුව තුලම හිඳිමින් දැවැන්ත අරගලයක යෙදී සිටින බව ද සඳහන් කලේ පසුගියදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.
එම අරගලය ආණ්ඩුව රැක ගැනීමට මිස ආණ්ඩුව නැති කිරීමට නොවන බවද ඔහු එහිදී සඳහන් කළා.
69 ලක්ෂයක ජනවරම රැක ගැනීමටත් ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වාගෙන යාමටත් එම අරගලය දිගටම සිදු කරන බවත් ආණ්ඩුවට ජනවරම පිළිබඳ තැකීමක් තිබුනේ නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සඳහා සංකල්පයක් වත් පහළ විය නොහැකි බව ද පැවසුවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට