Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සැකකරුවෙකු උස්සා පොළවේ ගසා බැට දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්.

මහා මාර්ගය රාජකාරියක නිරත වී සිටි පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල අද දිනය පුරා වේගයෙන් පැතිර ගියා.

මේ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වුයේ අදාළ පොලිස් නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කළ අයෙකු බවයි.

එමෙන්ම පහර කෑමට ලක්ව ඇත්තේ අද උදැසන රථවාහන අනතුරක් සිදු කිරීමේ වරදකට සම්බන්ධ ලොරි රථ රියදුරෙකු බව ද හෙළිව තිබෙනවා.

ඔහු විසින් අනතුරට ලක් කර ඇත්තේ මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වීමද විශේෂත්වයක්.

අනතුරින් තුවාල ලද පොලිස් නිලධාරියා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කෙසේ නමුත් සැකකරුවෙකුට පහරදීම සිදුකළ නොහැකි වීම හේතුවෙන් අදාළ පහරදීම සිදුකළ නිලධාරියාද වැඩ තහනම් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද කටයුතු කර තිබෙනවා.

About The Author