Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“මහින්ද ජනාධිපතිතුමාව පරාජය කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ තියන්න එපා”

ජාත්‍යන්තර අභියෝග මැද නොසැලී ඉදිරියට යනවා – ජනපති ගම සමග ගම සමඟ පිළිසඳරේ දී කියයි

ජාත්‍යන්තරයෙන් කුමන අභියෝග එල්ල වුවද නොසැලී රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (27) මාතර පිටබැද්දර ප්‍රදේශයේ පැවති ගම සමග පිලිසදරක් වැඩසටහන හා එක් වෙමින් සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ විවිධ ජාවාරම් කරුවන් රජයේ වැඩපිළිවෙලට එරෙහිව සමාජ මාධ්‍ය ජාල යොදා ගනිමින් අසත්‍ය ප්‍රකාශ පතුරවමින් සිටින බවයි.

පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුව ජාතික ආරක්ෂාව දුර්වල වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කර එදා සිදු කළ වරද නැවත සිදු නොකරන ලෙසද ජනතවට දැනුම් දුන්නා.

ලෝක භූ දේශපාලනය පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවයි.එහිදී වෙනත් රටවල බලපෑම් රටේ ස්වෛරී භාවයට බාධාවක් කර නොගන්න බවද සඳහන් කළා.

About The Author