Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බයිබලයේ අත තබා දිවුරමින් හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ සිදුකල කිළිපොලා යන අනාවරණය

බයිබලයේ අත තබා දිවුරමින් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් සිදු කළා.

හිමිකරුගේ අනුදැනුමකින් තොරව ජංගම දුරකථන වලට ඇතුළුව ඒවායේ කැමරා ඔවුනට හොරෙන් ක‍්‍රියාත්මක කල හැකි මෘදුකාංගයක් ආණ්ඩුව විසින් ගෙන්වා ඇති බව ඔහු සිදු කල එක අනාවරණයක්.

මෙම කරුණු හෙළිකළ මන්ත්‍රීවරයා මෙම ක්‍රියාවට දායක නොවන ලෙස දුරකථන සේවා සපයන ඩයලොග්,මොබිටෙල් ඇතුළු සමාගම් වලට දැනුම් දුන්නා.

යම් හෙයකින් එවැනි ක්‍රියා සඳහා දායක වී තිබුණහොත් ආණ්ඩු මාරුවක් සිදු වූ වහා මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දැඩි දඩුවම් ලබා දෙන බවද ඔහු සඳහන් කළා.

මෙම මෘදුකාංගහ හරහා ජංගම දුරකතනවල කැමරා ක‍්‍රියාත්මක පුද්ගලික තොරතුරු වලට අමතරව දදුරකථනයේ හිමිකරු සිටින ස්ථනය පවා දැන ගත හැකි බව පැවසු හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුව මේ වන විට දැඩි මර්ධනකාරී වැඩපිළිවෙලකට අවතීරණය වී ඇති බවට චෝදනාවක් ඉදිරිපත් කළා.

මීට අමතරව පාලකයන්ට බැලමෙහෙවර කරන පුජ්‍ය පක්ෂයේ පුද්ගලයන් , පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව නොදන්නා කරුණු රැසක් පිළිබඳ අනාවරණයක් ද සිදු කළා.

About The Author