Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කරන්න ඕන දේ නෙමෙයි කරන්නේ වෙන දේවල්, අපි ඉන්නේ පුදුම කළකිරීමක – අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි හිමිවරු පවසති

කරන්න තිබෙන දේ වෙනුවට වර්තමානයේ සිදුවන්නේ වෙනත් දේවල් බවත් එවැනි දේ කිරීම සදහා කටයුතු කරන ස්ථානවල සිටීමෙන් තමන්වහන්සේලාද වරදකරුවන් වන බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන හිමියන් සහ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සදහන් කරන්නට යෙදුණා.

ඒ පසුගියදා පැවති අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටු රැස්වීමට එක් වෙමින්.

අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැළපෙන දේ සිදුවන නිසා තව දුරටත් පූජා නගර සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වීම තේරුමක් නැතැයි ද උන්වහන්සේ එහිදී අවධාරණය කළා.

එයට මුලිකම හේතුව වී තිබෙන්නේ ” රට හදන සෞභාග්‍යයේ දැක්ම ” වැඩසටහන යටතේ සමාධි පිළිම වහන්සේ අසල ඉදි කිරීමට සුවදනම් වන වෙළඳ සංකීර්ණයක් පිළිබඳ සිදුවීමක්.

මේ පූජා භූමියේ නොගැලපෙන දේ සිද්ධ වෙනවා. සමාධි පිළිම වහස්සේ ළඟ පොසොන් පොහොයට සැදැහැවතුන් දහස් ගණනක් සිල් සමාදන් වෙනවා. දැන් එතන කඩවලින් පිරිලා. ඒ මදිවටතවත් කඩ අලුතින් හදනවා යැයිද කීහ. එමෙන්ම එකම වෙළඳ කුටි එම ස්ථානවලින් ඉවත් කොට සමාධි පිළිමවහන්සේට වතාවත් කිරීමට භික්ෂූන්වහන්සේ නමක් පත් කරන ලෙසත් ඒ සඳහා එම භික්ෂූන් වහන්සේට වැඩ සිටීමට කුටියක් එහි ඉදි කළ යුතු බවත් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමි යෝජනා කරති.

එමෙන්ම රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන හිමියෝ කියා සිටියේ තමන් වහන්සේට මෙම සිදුවන දේවල් දෙස බලා සිටිය නොහැකි බැවින් මෙම පූජා නගර සංවර්ධන කමිටුවෙන් ඉවත්වීමට අවසර ලබා දෙන ලෙසයි. තමන්ට මෙම කමිටුවෙන් ඉවත්වුවහොත් අධිකරණයක් හමුවට ගොස් හෝ මෙම අකටයුතුකම්වලින් පූජානගරය බේරාගත හැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති.

මෙම තත්වය උදා වී ඇත්තේ පූජා නගර සංවර්ධන කමිටු සාමාජිකයන්ගේ තීන්දු තීරණවලට අවනත නොවන අවජාතකයින් පිරිසකට සුජාතභාවය ලබාදීම නිසා බවත් මෙම කමිටුවලට සහභාගීවීමෙන්ම සිදු කරන්නේ වැරදි කාරයන්ට උදව් කිරීමක් බවත් මෙම කමිටුවලින් ගන්නා තීන්දු තීරණ හිතුවක්කාරකමට හරි වෙනස් කරන වැරදි කාරයන්ට නීත්‍යානුකූල භාවයක් ලබා දෙන බවත් පල්ලේගම හේමරතන හිමියෝ වැඩිදුරටත් අවධාරණය කරති.

About The Author