හමබන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ලබා දීම සදහා ලෝක උරුම සිංහරාජ රක්ෂිතය තුළ අක්කර 05 බැගින් වූ වැව් දෙකක් ඉදි කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පසුගියදා (20) වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් සඳහන් කළා.
මෙම ව්‍යාපෘතිය චීන සමාගමකට භාර දී ඇති බව පැවසු චමල් රාජපක්ෂ මහතා සිංහරාජ රක්ෂිතය තුළ අදාල කොටස් ජලයෙන් යටවී යන බවත් රූස්ස ගස් කපා දැමීමට සිදුවන බවත් පැවසු රාජපක්ෂ මහතා ඒ වෙනුවට අක්කර 50ක් 100ක් වනාන්තර ඇති කරන බවද සඳහන් කළා.
එමෙන්ම එලෙස සිටුවන ගස් වෙනුවට රබර් ගස් යොදා ගැනීමේ වැදගත් කමද සිහිපත් කල චමල් රාජපක්ෂ මහතා රබර් වවා කිරි ගෙන එම කිරිවලින් ටයර් සාදා අදායම් ලබා ගත හැකි බවද සඳහන් කළා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ආරම්භ කර තිබු මෙම ව්‍යාපෘතිය පසුගිය රජය සමයේ නවතා තිබු බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා වර්තමානයේ එය කෙසේ හෝ ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට