බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු සිටි රවී කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු ලබන 23 දක්වා රක්ෂිත බන්ධාගාර ගත කර තිබෙනවා.
නඩුව කැඳවනු ලැබූවේ බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද , කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරුන්ගෙන් යුත් විශේෂ ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල හමුවේයි.
රුපියල් කෝටි 3689 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ මෙම පිරිසට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැබුවා.
2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර වංචාව සිදුව ඇති බවයි පැවසෙන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට