පකිස්ථානය, සෞදිය සහ කටාරය ඇතුළු මද පෙරදිග රටවල සිට මෙරටට ඉස්ලාම් අන්තවාදී ඉගැන්වීම් ඇතුළත් පොත් ආනයනය කර ඇති බව අනාවරණය වනවා.
මේ සඳහා ඇතැම් මුස්ලිම් දේශපාලකයන්ගේ සහය ලැබී ඇති බව දිවයින පුවත්පත ද වාර්තා කර තිබුණා.
මෙලෙස ආනයනය කරන ලද පොත් මද්රසා පාසල් වෙත මුදා හැර ඇති බවයි හෙළිව ඇත්තේ.
මෙම කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙලෙස මැදපෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග්රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබෙනවා.
මේ හැර ආනයනය කරනු ලබන සියලූම ඉස්ලාමීය ආගමික ග්රන්ථ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයට යොමුකරන ලෙස ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රේගුවට නියෝග කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට