Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“පාර්ලිමේන්තු එන්න” ආණ්ඩු පක්ෂයත් රනිල්ගෙන් ඉල්ලයි – “ජනතාව මට කිවේ ගෙදර ඉන්න, මම ගෙදර ඉන්නවා” – රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන භාර ගැනීම සඳහා වන අවසන් තීරණයක් තමන් මෙතෙක් ගෙන නොමැති බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

වික්‍රමසිංහ මහතා ඉකුත් නවම් පෝදා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහරේ සමාරම්භක උත්සවයට සහභාගි වීමට ගිය අවස්ථාවේදී එම ස්ථනයේ සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පත්ව එන්නේ කවදා දැයි විමසු අවස්ථවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

‘‘ජනතාව මට ගෙදර ඉන්න කිව්වා. ඉතින් මම ගෙදර ඉන්නවා. ආයෙත් දේශපාලනයට එන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා. නමුත් තරුණ, අලුත් පිරිසක් ඉදිරියට ගේන්න තමයි මට ඕනේ. කොහොම වුණත් තාම මම මේ ගැන තීරණයක් අරගෙන නැහැ. ඕනේ නම් එළියේ ඉදන් වුණත් දේශපාලනය කරන්න පුළුවන්‘‘ රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇති බව මේ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එන දිනමිණ වෙබ් අඩවියද තහවුරු කරනවා.

අත්දැකීම් සහිත නායකත්වයක් සහිත ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ නොමැතිවීම සම්බන්ධයෙන් එහි සිටි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්, මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා අවස්ථා ගණනාවකදීම සදහන් කර තිබුණා.

ඔවුන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වී තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය නියෝජනය කල යුතු බවයි.

කෙසේ වෙතත් මාස 07 කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සදහා ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ධුරය සඳහා නියෝජිතයකු පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වීම විශේෂත්වයක්.

About The Author