කොවිඩ් අසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් පැවති දීර්ඝකාලීන අර්බුදය නිමා කරමින් එම මල සිරුරු මඩකලපුවේ තෝරාගත් ස්ථාන කිහිපයක භූමදානය කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොවිඩ් අසාදනය වී මියගිය පුද්ගලයින් 09 දෙනෙකුගේ සිරුරු ඊයේ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර තිබෙනවා.
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිල වශයෙන් මාධ්‍යට ඒ බව තහවුරු කළා.
මේ අතර ඉරණතිව් දුපතේ මළසිරුරු භූමදානය කිරීම සඳහා ගනු ලැබූ තීරණයට සිවිල් ජනතාව, ප්‍රදේශයේ ආගමික නායකයින්, දේශපාලකයින් ඇතුළු විශාල පිරිසකගෙන් එල්ල වූ බලපෑම හමුවේ එම තීරණය මේ දක්වා ක්‍රියාවට නංවා නැහැ.
ඉරණතිව් දූපත තෝරාගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති වූ නොසන්සුන් තත්ත්වයට එළැඹෙන සදුඳාට පෙර කැබිනට් මණ්ඩලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාදිය හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චියේදී ප්‍රකාශකර තිබුණා.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය ඇමතිවරිය සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවලදී ඉරණතිව් දූපතේ දේහයන් භූමදානය නුසුදුසු බව පෙන්වා දුන් බවයි.
එම ප්‍රදේශයේ වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 26ක් රටට ලබාදෙන මුහුදු කූඩැල්ලන් අපනයන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති නිසා මෙම දූපත වෙනුවට විකල්ප දූපත් කිහිපයක්ම තමා විසින් පෙන්වා දුන් බව ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට