2009 වසරෙන් පසු රජයේ බුද්ධි අංශ සහරාන් හෂීම් සමග සමගාමීව කටයුතු කර ඇති බවත් රාජ්‍ය විසින් සහරාන් හෂීම්ට ඒ සඳහා මුදල් ගෙවා ඇති බවටත් වන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ජාතික විද්වත් සංඝ සභාව නියෝජනය කරන හැඩිගල්ලේ විමලසාර හිමියන් විසින් සිදු කර තිබෙනවා.
වැඩි දුරටත් අදහස් දක්වන උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නේ රජයෙන් පඩි ලබා ගත් පිරිසක් බවයි.
එම කාලයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවද උන්වන්සේ සිහිපත් කළේ කොළඹදී පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.
යුද්ධය පැවති කාලයේ සිවිල් ආරක්ෂක බලකාය හා සමාන මුස්ලිම් ජාතිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් බිහිකිරීමට 2009 පෙර පැවති රජය කටයුතු කර තිබු බවත් ඔවුන්ට ලබා දී තිබු ආයුධ නැවත ලබාගැනීමට රජය පියවර ගෙන නොමැති බවත් පවසන උන්වහන්සේ ඇවන් ගාඩ් ආයතනය හරහා නීති විරෝධී ගිනි අවි රැසක් ගිනි අවි ආඥා පනත අමු අමුවේ උල්ලංඝණය කරමින් භාවිතා කළ අකාරයද සිහිපත් කර තිබෙනවා.
පාස්කු කොමිසමෙන් හෙළි වූ , පාස්කු ප්‍රහාරය එල්ල කළ දිනයේ බෝම්බකරුවෙකු මුණ ගැසීමට ගිය බුද්ධි අංශ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකිරීම බරපතල සැකයක් බවද පෙන්වා දුන්නා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට