මුහුදට අත්හැර දැමෙන අපද්‍රව්‍ය හේතුවෙන් ලොව පුරා විශාල සාගර දූෂණයක් ඇති වී තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. එනමුත් එසේ අත්හැරුණු මාළු ඇමක එල්ලී දිවි ගලවා ගත් ධීවරයෙකු පිළිබඳ පැසිෆික් සාගරයෙන් වාරතා වේ.
පැසිෆික් සාගරය හරහා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ගෙන යන නැවක සේවය කරමින් සිටි විදම් පෙරෙවර්ටිලොව් නමැති පුද්ගලයා ඊයේ (24) පෙරවරුවේ හදිසියේ ම මුහුදට ඇද වැටී තිබේ. කිසිවෙකුටත් නොදැනී සිදු වූ මෙම අනතුර හේතුවෙන් ඔහුට නැවෙහි සිටි කිසිදු සගයෙකු හට තමන්ට සිදු වූ දෙය දන්වා සිටීමට ද හැකියාවක් නොතිබිණි.
නැව පිටත් ව ගිය අතර ජීවිතාරක්ෂක කබායක්වත් පැළඳ නොසිටි විදම්, හැකි පමණ උත්සාහ දරමින් නොගිලී සිටියේ ය. මඳ වේලාවකින් ඔහුට මුහුද මත කළු තිතත් වැනි යමක් දර්ශනය වූ අතර, හැකි වෙර යොදා ඒ දෙසට පිහිනා යාමට ඔහුට හැකි වී තිබේ.
අසලට ගොස් බැලූ විට එය මාළුන් ඇල්ලීම සඳහා ඇමක් ලෙස යෙදො ගන්නා විශාල රෙජිෆෝම් බෝලයක් විය. වහා ක්‍රියාත්මක වූ විදම්, ඇමෙහි එල්ලුණි. පැය 14කට පසු ඔහු බේරා ගැනී සඳහා කණ්ඩායමක් පැමිණෙන විට දීත් ඔහු එම බෝලයේ එල්ලී සිටියේ ය.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්