Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා එන්නත්කරණය අවුල් වුණා – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියම පිළිගනී

ඇතැම් පාර්ශ්ව විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ රාත්‍රියේ ලබා දෙන දුරකථන ඇමතුම් වලින් සමස්ථ පද්ධතියම අවුල් කිරීමට ඇතැමුන් කටයුතු කරන බවයි.

වගකිව යුතු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත පද්ධතියම අවුල් වී ඇති බවද ඇය සඳහන් කළා.

එමෙන්ම මේ වනවිට දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ක්‍රමවේද අදාළ වීම හරහා බරපතල සෞඛ්‍ය අවධානමක් රට තුළ නිර්මාණය වී ඇති බවද සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක්ම පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් වාර්තාවන කොරෝනා අසාධිතයන් සංඛ්‍යාව පහළ අගයක බව පෙනෙන නමුත් සැබවින්ම සිදුව ඇත්තේ PCR පරීක්ෂණ ක්‍රියාවලිය අඩාල වීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සඳහා කොවිඩ් එන්නත ලබාදීම සිදු කරන බවයි.

About The Author